Wednesday, April 18, 2018

මන්දපෝෂණය හෙට නොවෙයි අද

(මෙහි අවධානය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ මන්දපෝෂණයෙම අතුරු කතාවක් වන ⁣ප්‍රෝටීන් ඌනතාවය ගැන ⁣කෙටි අදහසකට)

   මන්දපෝෂණයෙන් ලංකාව දකුණු ආසියාවෙන් දෙවෙනි තැනට කිව්ව ගමන් මගේ මතකයට ආවේ පහුගිය කාලේ TNL එකේ විකාශය වුන වැඩසටහනක් . රොෂාන් රණවණ කියන නළුවත් ඒකට සම්බන්ධ වෙනවා. උන් කරන්නෙ මිනිස්සුන්ට නිර්මාංශ වීමෙ වැදගත්කම promote කරන එක. ඒ වැඩසටහනම පිස්සු විකාරයක්. මිළ මුදල් යහමින් තියෙන එකෙක්ට නිර්මාංශාහාර ගන්න ගමන් නිරෝගී ජීවිතයක් ගත කරන්න පුලුවන් ඇති . මොකද ⁣ප්‍රෝටීන් බහුල ආහාර වෙන්නේ බිත්තර ,මස්, මාළු. එහෙම නැතිව ප්‍රෝටීන් සිරුරට ගන්නනම් ලොකු මිළක් ගෙවන්න වෙනවා. අපි හිතන් හිටියට පරිප්පු දඹල වල ප්‍රෝටීන් බහුලයි කියල ඔය කියන තරමේ ප්‍රෝටීන් ප්‍රමාණයක් ඒවයෙ නෑ. ඉතින් සල්ලි කාරයෝ කීපදෙනෙක් TV channel එකකට ඇවිත් නිර්මාංශ වීම ගැන ලොරි ටෝක් දුන්නම කෙළවෙන්නෙ ඕක බලන් ඉන්න දුප්පත් මිනිහට. උෟ එච්චර කාලයක් කෑම වේලට එකට එකතු කරපු බිත්තරයත් අතුරුදන් වෙන එක තමයි එ්කෙන් වෙන්නෙ. අර නළු නිළියන් පිරිසගෙ බඩට නම් පලතුරු ටික, හොඳ fresh milk ටික පෝෂ්‍යදායි කෑම ටික, විටමින් පෙති ටික වෙලාවට වැටෙයි . හැබැයි උන් කරන්නේ දැන හෝ නොදැන  තමන්ගේ ජනප්‍රියත්වය පාවිච්චි කරලා පෝෂණය ගැන දුර්මත මිනිස්සුන්ගෙ ඔලු වලට පුරවන එක.
    අනිත් කාරණය තමයි පහුගිය කාලේම Trend එකක් වෙච්චි හාමුදුරුවරු විසින් මස් කඩ බලපත්‍ර මිළදී ගෙන මස්කඩ වසා දැමීම. තමන් මාංශ ආහාරයට ගන්නෙ නැතිවුනා කියලා  තවකෙකුට මාංශ ආහාරයට ගැනීමට තියෙන අයිතිය නැති කරන එක කියන්නේ කුහකකමේ ප්‍රතිමූර්තිය. තමන් ආහාරවලට සීමා දාගන්න එක වෙනයි ඒක බලහත්කාරයෙන් අනෙකුන්ට පටවන එක පිස්සුවක්. ආහාර ගැන සෞඛ්‍යමය ගැටලු තියෙනවානම් එ් ගැන කතා කරන්න ඇති තරම් පෝෂණවේදීයෝ දොස්තරවරු ඉද්දි හාමුදුරුවෝ ඒ job එක කරන්න ඕනේ නෑනේ නේද?
   මිනිස්සුන්ගෙ දන්ත ව්‍යූහය විතරක්  නෙවෙයි අහාර ජීර්ණ පද්ධතිය හැදිල තියෙන්නෙත් මාංශ භක්ෂක විදියට . මතක තබා ගන්න මිනසා කෘෂිකාර්මික යුගයට එන්නට කලින සිටියේ දඩයම් යුගයේ බව. පුලුවන් තරම් ඔබේ අහාරයට බිත්තර මස් මාළු එක්කර ගන්න.

2 comments:

  1. ඔබගේ අදහස යම්තක් දුරට මා එකඟ වෙමී. එහෙත් දඩයම් යුගයට එන්නට කලින් මිනිසා තම ආහාර රටාව ආරම්භකොට ඇත්තේ ශාක බක්ෂකයෙකු ලෙසටයි. රොදය සොයා ගැනීමට පෙර මිනිසා ගමන් බිමන් ගියේ පයින් වීම නිසා නැවත එය කලයුතු නොවන සේම ආරම්භයේ ශාක කොටස් ආහාරයට ගත් පමණින් නැවත එය කල යුතු යැයි උපකල්පනය කලයුතු නැත.මෙහිදී වැදගත්ම කරුණු කිහිපයක් මා දකිමි. සත්ව ආහාර වලට සාපේක්ෂව ශාකමය ආහාර ගැනීම ශරීරයට සුභවාදී ලෙස බල පාන්නේද? එසේම දිනපතා ඇවැසි ආහාර සංඝඨක සියල්ල වෙළඬ්හ් පොලෙන් ලබා ගත හැකි පහසු හා ලාභදායී ක්‍රමවේදයක් පවතීද? උදා හරණයක් ලෙස ඉන්දියාවේ පිරිසිදු එළකිරි සුලභව ලාභදායී ලෙස සපයා ගත හැක! එසේම එරට වෙසෙන මලළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බහුතරය නිර්මංශික ආහාර මගින් යැපෙන්නන් වේ! වටිනා ලිපියක්!

    ReplyDelete