Thursday, May 28, 2020

රාවණා මෙතැනින් කොතැනටද?


මේ දවස්වල රාවණා උන්මාදයක් පැතිරෙනවනේ. ඒ උන්මාදයට පොඩි ඉතිහාසයකුත් තියෙනවා.මිරැන්ඩෝලා සූරිය ගුණසේකරලා කාලයක් තිස්සේ ලංකාවේ සිංහල පත්තර එයාලගේ ෆැන්ටසි වලින් පුරවලා දැම්මා.දැන් ඒක රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍යවලටත් බෝවෙලා.ඒ අතරින් සියත, දෙරණ වගේ මාධ්‍ය ආයතන විශේෂයි. මට හිතෙන විදියට නම් රාවණා පිස්සුව නැඟලම යන්න පටන් ගත්තෙ 2009 යුද්⁣ධෙ ඉවර වුනාට පස්සෙ. ඊට කලින් එහෙම රැල්ලක් තිබුණේ නෑ.මට මතකයි මීට අවුරුදු 25 කට විතර කලින් රාමායණය ටෙලි නාට්‍යයක් හැටියට විකාශය වුනා (චැනල් එක මතක නෑ.ඒ කාලේ තිබුණේ ITN, රූපවාහිනී සහ TNL). රාමායණය බලන පන්තියේ කොල්ලො ඊළඟ දවසෙ ඉස්කෝලේ ඇවිල්ලා කලින් දවසෙ රෑ විකාශය වුන නාට්‍යය ගැන කතා කරනවා.ටීවී චැනල් වැඩිපුර නැති හින්දම වෙන්ඩැති ඒ කාලේ අහන්නෙ 'මචං ඊයේ කතාව බැලුවද' කියල. කොහොම හරි ඒ කාලේ දැන් වගේ රාවණා සීන් එකක් පත්තරවල ගුවන්විදුලිවල තිබ්බෙම නැති තරම්.

    රාවණා පිස්සුව ටික ටික ඇදෙන්න පටන් ගත්තෙ 2012 ලෝක විනාශය හිස්ටීරියා එක කාලේ. මට මතකයි මගෙ යාලුවෙක් කිව්වා මචං රාවණා රජ්ජුරුවෝ මැරිලා නෑ බං සිහිය නැතිව ඉන්නෙ 2012 දෙසැම්බර් නැඟිටිනවලු කියල කතාවක්.⁣ කතාව ඇහුවම මූ මොන පිස්සෙක්ද කියල හිතුනත් කට වහන් නිකන් හිටියා ටයිම් පාස් කරන්න මරු කතා ටික හින්දා.මෑන් අන්තිමට කිව්වා මචං internet ගිහින් වර්ඝපූර්ණිකාව කියල search කරල බලපන් ගොඩක් විස්තර තියෙයි කියල.මාත් ගෙදර ගිහින් වර්ඝපූර්ණිකාව search කරල බැලුවම අර කුප්‍රකට පැරඩි blog එක. ඒකත් සිරා ගත්ත මනුස්ස පරාණ ඒ කාලේ හිටියා.

  කොහොමහරි ඔය කාලේ ඉඳලා වැඩි දියුණු වෙලා ආපු රාවණා පිස්සුව තමයි දැන් ආගමක් ගාණට ඔඩු දුවල තියෙන්නේ. දැන් තත්වෙ බරපතලකම කොච්චරද කියනවා නම් ලෝකේ හැමදේම බලපුවම රාවණාගේ නිරමාණ.රාවණා අඟහරුගේ න්‍යෂ්ටික අවි හංඟලා (හැබැයි ඌ වඳුරු හමුදාවකින් අමා මහ කෑමක් කනවා Dawn of the planet ape වගේ සීන් එකක්ද දන්නෙ නෑ). දැන් රාවණා අයියල මොන තරම් දුර ගිහින්ද කිව්වොත් පුරාවිද්‍යා කොමසාරිස් ගෙනුත් ගේම ඉල්ලන ලෙවල් එකට ඇවිල්ලා.රාවණා නමින් facebook groups, pages වැහි වැහැලා ව⁣ගේම හරිම සක්‍රීයයි.
    
  මේ ගැන ලියන්න හිතුනේ පුද්ගලික සිදුවීමක් හින්දා.සිද්ධිය මේකයි, පුංචිඅම්මගේ පුතා ඉස්කෝලේ ඉන්නෙ 6 වසරේ. ඒ කියන්නේ වයස අවුරුදු 11යි. මිනිහා අද මගෙන් අහනවා 
  'අයියා දන්නවද රාවණා රජ්ජුරුවෝ තාම ඉන්නවා' 

කියලා. මං මිනිහට කිව්වම පිස්සුද මිනිහො මොන ගොන් කතාවක්ද ඒක ,කවුද කිව්වේ ,රාමයණය කියන්නෙ කතන්දරයක් කියල මිනිහා පිළිගන්නෙම නෑ. 

' අනේ ඔයා බොරු කියන්න එපා TV එකේ කිව්වේ'   

 කියල මිනිහා කියනවා. කොච්චර කිව්වත් පිළිගන්නෙ නෑ. මිනිහට TV එකේ කියපු කතාව 'Fact' එකක්.මං ඔලුවෙන් හිටන් කිව්වත් මං කියන දෙයට වඩා රූපවාහිනීයෙන් ඇහුණ දේ ප්‍රබලයි. කවදාහරි මිනිහා තේරේන වයසට ඇවිල්ලා පත පොත කියෙව්වෙත් හැර වෙන ක්‍රමයකින් ගොඩ එනවා නම් තියෙන්නේ ඒ වගේම රූපවාහිනී ජනප්‍රිය වැඩසටහනකින් ප්‍රතිවිරුද්ධ අදහසක් එන එක විතරයි. ම⁣ට තියෙන ප්‍රශ්නය ⁣ඒ වගේ රාවණා පිස්සු විකාර පෙන්වන රූපවාහිනී චැනල් හේතුවන් තරුණ  පිරිස් සහ පාසල් ළමුන් මොනතරම් ඔලු කුරුවල් කරන් ඇද්ද කියන එක.Ratings වලට ඕනෑම කුණු ගොඩක් මාකට් කරවන මාධ්‍ය ආයතන වලට ව⁣ගේ වගක් නැති හැටි.සහ ඒවායේ පෙන්වන හැම දෙයක්ම කිසිම විමසිල්ලක් නැතිව ප්‍රේක්ෂකයන් පිළිගන්න හැටි. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි,
 පැරඩියක් ගිය දුර

8 comments:

  1. ඇත්තට වඩා ප්‍රබන්ධය චමත්කාර ජනකයි, ආකර්ෂණීයයි!
    දැන් රාවණාගෙ චණ්ඩිත් ඉන්නව

    ReplyDelete
  2. ළමයින්ගේ ඔය වගේ අත්දැකීම් මටත් තියෙනවා...මේක දැන් සෑහෙන්න පතුලට කිඳාබැහැලා තියෙන ප්‍රශ්නයක්...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. 'ඉතිහාසය බෞද්ධ දෘෂ්ඨිකෝනයකින්'; රාහුල ධම්මවාහිනිය මගින් ගෙන එන ඉතිහාස සාකච්ඡා මාලාවේ පළමුවැන්න හෙට (29) පෙ.ව. 8.00 බලාපොරොත්තුවන්න. https://www.youtube.com/channel/UCIoSu_atO41TXQYvHWraePw

    ReplyDelete
  5. ඇත්තටම මන් දන්නා තරමින් රාවනා කියලා කෙනෙක් හිටිය කියලා තම විද්‍යාත්මක ශාක්ෂි ඉදිරිපත් වෙලා නෑ කියලයි.එත් ඇල්ල පැත්තේ නිර්මාණ කවුරු කල කියලා හිතාගන්න බැහැ.භූ ගත උමගක් ඇතුලට හිරු එලිය ලැබෙන විදියට හදල තියෙනවා.ඒ නිසා රාමායනය කියන්නේ කතාවක්.එත් ඒ කතාවට ලංකාව පටලාගෙන තියනව.සමහරු නම් කියනව මේ අපේ රට නෙමේ අපිට එහායින් පිහිටි රටක් ගැන කියන්නේ කියලත්. මේක මිත්‍යාවක්ද නැද්ද ශාක්ෂි සහිතවම ඔප්පු කරල වැරදි මත මිනිස් ඔලු වලින් අයින් කරන එක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක්.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා රජෙක් හිටියේ නෑ කියලා දන්නවද.
      ඉංග්‍රිසි ආණ්ඩුව සිංහලයන්ට තමුන් සිංහලයන්ව දරුණු රජෙක්ගෙන් බේරා ගත් බව අඟවන්න ගොතපු කල්පිත චරිතය තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ.

      Delete
  6. එකදාස් අටසිය ගණන්වල ලංකාවේ ඉන්දියානු නාට්‍ය (ටීටර්) පෙන්වන්න පටන් ගන්නකොට ඒ හරහා රාවනා ප්‍රබෝධයක් එන්න ඇති.

    කුමාරතුංග මුනිදාස මහත්තයාගේ හෙල හවුලේ අයට තිබුනේ සිංහල නිර් ආගමික ජාතිකවාදයක් එයාල අතරත් රාවනා ගැන උනන්දුවක් තිබුනා.

    ReplyDelete