Saturday, September 23, 2017

Superstars ලට මොකෝ වුනේ ?

   පහත දැක්වෙන්නේ සිරස සුපර්ස්ටාර් තරඟාවලි කීපයක අවසන් දහ දෙනා අතරට පැමිණි තරඟකරුවන් ගේ නම්.
    Season 01
1. Ajith Bandara (Winner)
2. Malith Perera (runner up)
3. Amila Perera
4. Darshana Pramod
5. Shihan mihiranga
6. Manjula Pushpakumara
7. Nishantha Nanayakkara
8. Waruna Madushanka
9. Theekshana Anuradha
10. Asela Eranda

   Season 02
1. Pradeep Rangana (Winner)
2. Surendra Perera
3. Amila Nadeeshani
4. Gamini Susiriwardhena
5. Nadini Premadasa
6. Sanka Dineth
7. Buddhika Ushan
8. Manjula Nivanthi
9. Maheshika Lakmali
10. Nalinda Ranasinghe
11. Wathsala Madhumali
12. Gayani Madhusha

   Season 03
1. Shanika Madhumali (Winner)
2. Arjuna Rookantha
3. Dumal Warnakulasuriya
4. Champika Priyashantha
5. Kasun Chamikara
6. Dilki Weliwatta
7. Eranda Pathum
8. Lakmini Udawatta
9. Thulani Sithara
10. Rukman Asitha
11. Chethana Sankalani
12. Meena Prasadini

    Season 04
1. Thisara Chanaka (Winner)
2. Uditha Sanjaya
3. Gayan dushmantha
4. Shahil Himansa
5. Michel Christine
6. Shani Angela
7. Supun Perera
8. Thilani Kanchana
9. Chaminda Abeywardana
10. Randika Rochana
11. Buddima Madushani
12. Kasun Madushanka

දැනට මේ ඇති. අවසානයට පැවති තරඟවල තරඟකරුවන්ගේ නම් සටහනට ඉදිරිපත් කරල නෑ. කරල වැඩකුත් නෑ. දෙරණ dream star නම් සෙට් එකත් තිබුණනම් පංකාදු පහයි. ඒ වුනාට හම්බ වුනේ නෑ. 

  මට මතක හැටියට සිරස සුපර්ස්ටාර් පටන් ගන්නෙ 2005 වගේ කාලයක.මම එතකොට උසස් පෙළ පන්තිවල. මේක මෙගා හිට් එකක් වුනා වගේම පිස්සුවක් වුනා. හින්දි නළු නිලියන්ගේ ඩේ කාඩ් එකතු කරපු කෙල්ලේ එකපාරටම ශිහාන්ලගේ අමිලලගේ ඩේ කාඩ් එකතු කරා. මට තාමත් මතකයි ඉස්කොලේ ඇරිලා පේරාදෙණිය පාරේ බස් එකේ එද්දි විහාරමහාදේවි ,හයිස්කූල් ,ස්වරණමාලි බාලිකාවෝ පේරාදෙණිය පාරේ තියෙන පොඩි පොඩි කඩවල්වල එල්ලල තියෙන ඩේ කාඩ් තෝරනවා. ඉස්කෝලේ ඇවිල්ලත් කට්ටය
ගෙ කතාව ඊයේ අරූ කැපුනා මූ කැපුනා ඒවා. කොල්ලො විතරක්යැ ගුරුවරුත් එහෙමයි. සුපර්ස්ටාර් හිට් වුනා වගේම සිරසත් ගොඩ ගියා. දෙවෙනි සීසන් එක එද්දි අපි දෙවෙනි පාර උසස්පෙල ලියනවා. සීසන් ටූ සීසන් වන් තරම් හිට් උනේ නැතත් ඒකත් නැගල ගියා. ඒ ආරේ වැඩසටහන් ජාතික රෑපවාහිනීයේ,itn වගේම දෙරණත් පටන් ගත්තා.
  දැන් 2017, මේ ගායන තරු වැඩසටහන් පටන් ගෙන අවුරුදු 10කටත් වඩා කල් ගිහින්. පොඩ්ඩක් අර නම් ලැයිස්තුව බැලුවම සමහර නම් අහලත් නෑ. සමහර දිනපු උන් ලොවෙත් නෑ.එකෙක් දෙන්නෙක් හැරෙන්න අනෙක් උන් ඉන්නවද  මැරිලද කියලවත් දන්නෙ නෑ. ගායන තරු වලට මොකද වුනේ?
 
  මේකට පොඩි උත්තරයක් තිබුණා පහුගිය රාවය පත්තරයක සුරේන්ද්ර පෙරේරා එක්ක කරපු සාකච්ඡාවක.
http://ravaya.lk/?p=168995
මනුස්සයා තැනකදි කියනවා මම ආයෙමත් සාමාන්‍ය වෙලා. ඉස්සර හිටපු විදියටම හලාවත අවට වැඩක් කරන් ඉන්නවා.එලියේ වැඩ අඩුයි වගේ කතාවක්. ගායන තරඟ වලින් බිහිවුණු ගොඩක් තරු වලට අවසානයේ වෙලා තියෙන්නේ මේ වගේ ඉරණමක්. එක රැයෙන් ජනප්‍රිය වෙච්ච, එක රැයෙන් තමන්ගේ ජීවිත සුපෝගබෝගි ජීවිත කරගත්තු බොහෝමයක් තරු දැන් ආයෙමත් හිටපු තැන්වල. එහෙම වෙන්නෙ ඇයි.?

 මේ හැම තරුවක්ම දක්ෂයි. ඒකේ ආයේ කතා දෙකක් නෑ. දක්ෂ වුනාට මුන් ඉපදිලා ඉන්නෙ වැරදි රටක.ඒ කතාවට පස්සෙ එමුකො මේ දක්ෂයෝ ටික ඔය කියන තරඟවලදි ගායනා කරන්නෙත් ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ගෙ ප්‍රසිද්ධ වුන ගීත.අනුන් කාලය මහන්සිය ධනය වැය කරල හිට් කරපු සින්දුවක් කියන එක ලේසි වුනාට ඔය කියන ප්‍රසිද්ධ ගායකයෝ වුනත් සින්දු බර ගානක් කියල තමයි 10ක් 15ක් හිට් කරගෙන තියෙන්නෙ.අපි බැලුවොත් වික්ටර් රත්නායක හරි අමරදේව හරි ජෝතිපාල හරි මේ මිනිස්සු  කියල තියෙන ඒත් අපි ජීවිතේට අහල නැති සින්දු ඕනෙ තරම් තියෙනවා.වෙනස තියෙන්නේ ඒ ගායකයෝ යන්නේ ආරෝහණ පටිපාටියට පොඩි තැනේ ඉඳන් ඉහළට , හැබැයි ගායන තරඟවලින් එන තරු පටන් ගන්නෙ ඉහළම තැනින්.තමන් කැමති වුනත් අකමැති වුනත් එයාලට ඉතුරු වෙන්නේ අවරෝහණ පටිපාටියම තමයි. තරඟ සංවිධානය කරන රෑපවාහිනී අයිතිකාරයත් මෙයාලව උස්සල තියෙනවා.එහෙම වුනාම අතින් ලක්ෂ ගණන් පාඩු කරන් තමන්ම sms ගහ ගන්නවා. වේදිකාව උඩදි තමන්ගෙ නැතිබැරිකම කියල අඬනවා. උදේට ජෑම් පාන් එකක් කාලා සීනි අතේ කාලා කහට බීලා අවේ කියනවා, ඇඳන් ඉන්න ජොකාගේ හිල් ගාණ කියනවා,මම නෙවෙයි අල්ලපු ගෙදර නංගි තමයි application එක දැම්මෙ කියනවා. ඉතින් මේ අංකෙට sms එකක් ගහන්න ඈ කියල අන්තිමට කියනවා.කොහෙම කොහොම හරි නම හදා ගත්තත් යන්ඩ තියෙන පාරෙ ටික කාලෙකින අතරමං වෙනවා.දැන් තමයි මේ තරු ටික වැරදි රටක ඉපදිලා කියපු point එක එන අවස්ථාව. මේ ගායක තරු බිහිවෙන වේගේ අපේ වගේ පොඩි රටකට දරා ගන්න අමාරුයි.මෙහේ කෝටි දෙකයි නේ ඉන්⁣නේ. ඕනෙනම් අරාබියෙයි,ඕස්ට්‍රේලියා ඉතාලි වගේ ඉන්න සිංහල සින්දු අහන තව ලක්ෂ 5ක් විතර ඇති. මේ තරඟවලින් අවුරුද්දකට ගායකයෝ 10ක්  20ක් මුදා හරිනවා. උන් ඔක්කොම ගායන කරන්නෙ අර කෝටි දෙකට තමයි. ඉතින් මේකේ රැඳෙන්න හරි අමාරුයි..එකෙක් දෙන්නෙක් ගායන හැකියාව පැත්තකින් තියල tv presenters ලා වෙනවා,සමහරු රඟපානවා. අනෙක් උන් ලස්සනට දැකපු හීනෙකින් ඇහැරෙනව වගේ ආයෙත් හිටපු තැනටම එනවා.බැරිවෙලාවත් මේ ගායකයෝ ඉංග්‍රීසි කතා කරන රටක හිටියානම් නැත්නම් ඉන්දියාවේ වත් හිටිය නම් මට හිතෙන්නෙ නෑ එහෙම දෙයක් වෙයි කියල.American Idol එකෙන් නම හැදෙන එකාට ඊලඟ දවසේ ඉඳල මුලු  ලෝකෙම market එක හැදෙනවා.,ඉන්දියාවේ උන්ටත් එහෙමයි .ඉතින් උන්ට ඉබේම ලොකු අවස්ථාවක් හම්බ වෙනවා. අවාසනාවකට අපේ රටේ තරඟවලින් බිහිවෙන ගායක තරු වලට ඒ චාන්ස් එක නෑ. හැමෝටම සින්දු කියන්ඩ ඉන්නේ මේ කෝටි දෙක විතරයි. ගායන තරු මේ වේදිකාවෙන් දුම්රියට ගොඩ වෙනවා, ඊළඟ දුම්රියපොළේ ඉඳල බහින්න පටන් ගන්නවා. කලාතුරකින් එකෙක් දුර ගමනක් යනවා.


8 comments:

  1. උඹට එහෙම අනාගතයක් වත් නෑ නෙ බං....

    ReplyDelete
  2. කොලුවෝ

    එකට අපේ සිංහල මේඝා බ්ලොග් කොමන්ට් කරු හැටියට දිනාගත්ත ඔටුන්න රැක ගන්න Praසන්னකියන එකයි උගේ සමරිසි සමනල යයි පට්ට විදිහට පුක ඉරාගෙන බ්ලොගේ වල රෙනවා

    ReplyDelete
  3. මලිත් පෙරෙරා වගේ අය නම් ලංකාවෙන් ගියා. ඔය සෙට් එකේ බහුතරයක් ගායනය තමන්ගෙ වෘත්තිය කරගත්තෙ නෑ. කරගත්ත අයත් තමන්ගෙ standards බස්ස ගත්තෙ නෑ trend එකේ වෙනස් වීම් එක්ක (මුල් කාලෙ අය)

    එතකොට මාධ්‍ය උනත් විකුණන්න බැරි නිසා මගාරිනවා. මේ රටේ ප්‍රධාන ධාරාවෙ සංගීතය ඇරුණම රහක් තියන විකල්ප ධාරා වලට හැමතැනින්ම තියෙන්නෙ කුඩම්මාගෙ සැලකිලි.

    මෑතකදි මම මලිත් පෙරේරා සහ ශානිකා මදුමාලිට යුග ගීතයක් නිර්මාණය කලා. වෙනසක් කරා. ලබන සතියේ විතර ඒක අහන්න දීලාම බලමු ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එකඟ වෙන්න අමාරුයි.

      standards බස්ස්ගත්තේ නැති නිසා නෙවෙයි, ඔවුන්ගේ හැකියාව තමන්ගේ නාලිකාවෙන් ගැටගහලා තිබ්බේ. ඒක ගලවන්නේ පුළුවන් තරම් ගරාගෙන කෑවට පස්සේ. එතකල්ම ඇත්තෙන්ම වැඩක් කරන්න දෙන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ. ඔවුන් උස්සලා , පුම්බලා තියන තරම් හැකියාවකට ඔවුනට අවකාශයක් නැහැ. ඒ තමයි ඇත්ත. ඔවුන් රැවටෙනවා

      Delete
  4. මට හිතුනේ පළවෙනි සුපර් ස්ටාර් එකටත් වැඩිය ජනප්‍රිය උනේ දෙවෙනි එක කියල.. හැබැයි ඒකෙන් පස්සේ ඔක්කොම වළපල්ලට ගියා.. අපේ ගොඩක් ක්ශේත්‍ර වල ඉක්මනින් ජනප්‍රිය වෙන ඉක්මණට සල්ලි හොයන උන් ගොඩකට ඔය දේ වෙනව ජනප්‍රියතාවය වගේම මුද්ල් කළමනාකරණය කර ගන්න නොදන්නා කමින්..

    ReplyDelete
  5. කට වහන් හිටු.. තෝ හැදෙන එකෙක් නෙමේ (තව ලියන්න)

    ReplyDelete
  6. mata hithenne oya lankawe music ekka wadiya inna kenek newei kiyala... mokada oya me kiyapu ayagen salakiya yuthu pirisak field eke innawa.... Amila Perera, Surendra Perera wage ayage film songs pawa pahugiya kaale ahuna.. e wagema Theekshana Anuradhawa eeye pereda th TV programs wala dakka... Shanika Madumaali & Meena Prasaadhini dennama Sirasa withrak newei wena channels walath pahugiya kaale sindu kiwwa...Amila Nadeeshanith Nadhini Premadasath witin wita dakinawa...wisheshayenma Sanka Dinesth hondatama field eke innawa.. Pradeepa Rangana pahugiya kaale godak popular wuna...Kasun Chamikara kiyanne ada Sunflowers lage lead singer.. me wage salakiyayuthu pirisak thawama Superstar season 1 & 2 walin awith thama innawa... keepadenek season 3 eketh innwa... habai season 4 indala giye wenamama deyak.. eka nisa eke dinapu ayawa kawuruth danneth na.. Derana kattiyage thathweth okama thamai... kotinma e ayawa naminwath danne na godak aya... anika Superstar season 1 ta wada popular wune season 2..
    wicheshayenma finals dawase ara 1996 World Cup finals wage paarawal his wela thibune.. minissu kalin gewal walatath giya finals balanna.. Pradeep vs Surendra maara unak thibuna... finals iwara welath saahenna kaalayak minissu e gana katha kala...me aya competition eka iwarawunu tharam ada popular nathuwa athi... habai thawamath salakiyayutu janapriyathawayak thiyena aya innawa... wisheshayenma Surendra wage ayawa Hiru FM/TV musical shows waladi aniwaaryayenma dakina muhumu...

    ReplyDelete