Wednesday, September 7, 2016

A/L පස්සේ Engineering, NDT, NDES, HNDE යන්න ඉන්න නංගිලා මල්ලිලාට විශේෂයි





A/L පස්සේ Engineering, NDT, NDES, HNDE යන්න ඉන්න නංගිලා මල්ලිලාට විශේෂයි


                    පළමුව පසුගිය අගෝස්තුවේදි උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ සැමට ශුභ පතන්නෙමු.ඉතාමත් හොඳින් විභාගයට මුහුණ දුන් අය බොහෝවිට මේ නිවාඩුපාඩුවේ කාලය සිටිනා සමයයි.අනෙකුන් දෙවන තුන්වර සඳහා පුනරීක්ෂණ පන්ති යන කාලයයි.අද ලිපිය උසස් පෙළට ගණිත අංශයෙන් ඉදිරිපත් වූ අයට අදාළ වන අතර ඉංජිනේරු සිහිනය සැබෑ කර ගැනීමේ මාර්ගය (බදු ගෙවන ජනතාව නිසා නොමිළේ) මෙහි අන්තර්ගත වේ.
                   ඔබ ඉහළ z අගයක් සහිතව උ.පෙළ සමත් වුවහොත් ඔබට මොරටු, පේරාදෙණිය හෝ රුහුණු ඉංජිනේරු පීඨයකට යෑම අසීරු නොවේ.මෙය අර්බුධයක් වන්නේ  Science Facalty, Applied Science හෝ ඒ හා සමාන ප්‍රතිඵල ලබන්නන්ටයි.NDT, NDES, HNDE  වැනි Engineering Diploma වකට සම්බන්ධ වීම හෝ නොවීම යන උඝතෝකෝටිකයකට හසු වන්නේ මෙම පිරිසයි. මගේ පුද්ගලික මතය නම් Applied Science වැනි පීඨයකට සම්බන්ධ වීමට වඩා ඉංජිනේරු ඩිප්ලෝමාවකට සම්බන්ධ වීමෙන් ආරථිකය අතින් මෙන්ම දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළඳ පොළේද ඔබට අතරමං වීමට ඇති ඉඩ අල්පබවයි. හොඳ සමාජ පිළිගැනීමක්ද ඉංජිනේරු ක්ෂේත්‍රයේ පවතින බව නොරහසකි. ජාතික විශ්ව විදය්‍යාලයකට ඇතුල් වීමේදි දිස්ත්‍රික් කුසලතා මත සිදු වූවත් ඉහත ඉංජිනේරු ඩිප්ලෝමා සඳහා එය අදාළ නොවේ.මුලු රටම එකම ඒකකයක් ලෙස සැළකේ.
          NDT (National Diploma In Technology)
                   මෙම ඩිප්ලෝමාව මොරටුව විශ්ව විදය්‍යාල පරිශ්‍රයේ පැවැත්වෙන අතර පාඨමාලා කාලය වසර 03 කි.එයින් වසර 2ක් ඇකඩමික් වන අතර වසරක පුහුණු කාලයක් ඇතුළත් වේ.ඉංග්‍රීසී මාධ‍ය්‍යෙන් අධය්‍යන කටයුතු පැවැත්වෙන අතර පහත සඳහන් පාඨමාලා පැවැත්වේ.
                             Marine Engineering Technology
                                    Nautical  Studies & Technology
                                    Chemical Engineering Technology
                                    Civil Engineering Technology
                                    Electrical Engineering Technology
                                    Electronics & Telecommunication Engineering Technology
                                    Mechanical Engineering Technology
                                    Polymer Technology
                                    Textile & Clothing Technology
                        සම්බන්ධ කරගැනීම සඳහා,
                             Institute  Of  Technology
                                    University Of  Moratuwa,
                                    Katubadda,Moratuwa              T.P:+94112650301/534


          NDES (National Diploma In Engineering Sciences)
                   මෙම ඩිප්ලෝමාව ඉංජිනේරු තාක්ෂණ ආයතනය මඟින් පවත්වන ලබන අතර එය කටුනායක පිහිටා තිබේ. පාඨමාලා කාලය වසර 04 කි.එයින් වසර 2ක් ඇකඩමික් වන අතර වසර 2 ක පුහුණු කාලයක් ඇතුළත් වේ.ඉංග්‍රීසී මාධ‍ය්‍යෙන් අධය්‍යන කටයුතු පැවැත්වෙන අතර පහත සඳහන් පාඨමාලා පැවැත්වේ.
                   Civil Engineering
                                    Building & Structural Engineering
                                    Highway &Railway Engineering
                                    Water & Environmental Engineering
                        Electrical Power Engineering
                        Electronics Engineering
                        Telecommunication Engineering
                        Mechanical Engineering
                        Automotive Engineering
                        Marine Engineering
                        සම්බන්ධ කරගැනීම සඳහා,
                             Institute of  Engineering Technology
                                    Temple Road, Katunayake       
                                    T.P:0112252833

          HNDE (Higher National Diploma In Engineering)
          මෙම ඩිප්ලෝමාවඋසස් ඉංජිනේරු තාක්ෂණ ආයතනය මඟින් පවත්වන ලබන අතර එය මට්ටක්කුලිය සහ ලබූදූව පිහිටා තිබේ. පාඨමාලා කාලය වසර 03 1/2කි.එයින් වසර 03ක් ඇකඩමික් වන අතර මාස 06 ක පුහුණු කාලයක් ඇතුළත් වේ.ඉංග්‍රීසී මාධ‍ය්‍යෙන් අධය්‍යන කටයුතු පැවැත්වෙන අතර පහත සඳහන් පාඨමාලා පැවැත්වේ
                   Electronics Engineering
                        Electrical Power Engineering
                        Civil Engineering
Structural Engineering
Irrigation Engineering
                        Mechanical Engineering
                                    Production Engineering
                                    Air conditioning & Refrigeration Engineering
                                    Automobile Engineering

                        සම්බන්ධ කරගැනීම සඳහා,
                             HNDE
                                    No: 42,
                                    Rodrigo Place,
                                    Colombo 15                      T.P:0112521152

ඉහත දැක්වෙන්නේ මෙරටදී නොමිළේම ඇතුළත් විය හැකි ඉංජිනේරු ඩිප්ලෝමා වේ.මෙම ඩිප්ලෝමා 03ටම අයදුම්කරුවන් සඳහා තරඟ විභාගයකින් අනතුරුව බඳවා ගනු ලැබේ.
 
                            

                  


                  

2 comments:

  1. පාඨමාලා කාලය වසර 04කි.එයින් වසර 3 1/2ක් ඇකඩමික් වන අතර මාස6 ක පුහුණු කාලයක් ඇතුළත් වේ

    මෙය පහත පරිදි නිවැරදි විය යුතුය

    පාඨමාලා කාලය වසර 3 1/2කි.එයින් වසර 3ක් ඇකඩමික් වන අතර මාස6 ක පුහුණු කාලයක් ඇතුළත් වේ

    ReplyDelete
  2. තවද යාපනයේ HNDE ආයතනයක් පවතී..

    ReplyDelete