Wednesday, November 23, 2016

ජ්‍යොතිෂයවේදියා හෙවත් තක්කඩියා

ජ්‍යොතිෂය විශාරද, ජාත්‍යන්තර උපදේශක(යකෝ මූ ජාත්‍යන්තරේටත් ගිහිල්ලා. අන්න පොරවල්ලා), දේශමාන්‍ය, සාමවිනිසුරැ(ජාතික වස්තුවක් නේ අම්මපා)  K.A.U සරත්චන්ද්‍ර මහත්තයා කියන විදිහට උඹලා කාටහරි පිලිකාවක් හරි චර්ම රෝගයක් තියෙනවා නම් මුන්දෑ ගාවට ගියාම නිට්ටාවටම හොඳ කරනවලු ඕන්.
  ආණ්ඩුවටත් මාර පල්ලම  මේ වගේ දහයක් පහළවක් හොයා ගත්තා නම් ඉස්පිරිතාල ටික වහලා දාලා ජ්‍යොතිෂයතාලේ වගේ එකක් දාන්න පුලුවන ඉස්පිරිතාලෙ වෙනුවට . අනුරුද්ධ පාදෙණිය මහත්තයෝ Retire වෙන්න කාලේ හරි.ඉන්දියාවේ Ambulance ටිකත් දෙමු උන්දැලාට පස් අදින්ඩ.
    සරත්චන්ද්‍ර මහත්තයෝ බෙහෙත් කරන ගමන්ම මැණිකකුත් පැළඳුවම කොහොමද යකෝ අපි  දැනගන්නේ බෙහෙත් වලටද මැණිකටද පිලිකාව හොඳ උනේ කියලා .තොපි හිතෙන්නේ මිනිස්සු රටහරක් කියලද. දොස්තරලා ඉරාගෙන බෙහෙත් කරන්ඩ, උඹලට credit  එක ගන්ඩ. මුලින්ම කියපන් උඹේ අම්මට තාත්තාට හරි ළමයෙක්ට හරි ඔහොම ලෙඩක් හැදුනම මැණිකක් දාලා උගුඩුවා වගේ බලන්  ඉන්නවද කියලා.
  මේ වගේ හොරුන්ට තද නීති තිබිය යුතුයි මෙහෙම අසරණ රෝගීන් වංචාකිරීමට එරෙහිව.මිනිස්සු අවුරුදු ගනන් කැප කරලා දොස්තරවරු වෙන්ඩත් මුන් එක රැයෙන් superstar ලා වෙන්ඩත් මාධ්‍ය වගේම විචාර බුද්ධියක් නැති මෝඩයෝ ටිකත් වගකිවයුතුයි.

4 comments:

  1. බයේ බිස්නස් එක.

    ReplyDelete
  2. බය අලෙවි කිරීම මුං කරන්නෙ. මෙතන තියන ජරාම දේ බරපතල අසනීපයක් හැදිල අාර්ථිකව හා මානසිකව වැටුන පිරිසක් සූරාකන්න මූ සූදානම් වීම. මූ නීචම නීච වරත්ත බල්ලෙක්.
    තුන්තිස් පැයේම සියලුම ජනමාධ්‍ය මිත්‍යාව වපුරනව

    ReplyDelete
  3. බය අලෙවි කිරීම මුං කරන්නෙ. මෙතන තියන ජරාම දේ බරපතල අසනීපයක් හැදිල අාර්ථිකව හා මානසිකව වැටුන පිරිසක් සූරාකන්න මූ සූදානම් වීම. මූ නීචම නීච වරත්ත බල්ලෙක්.
    තුන්තිස් පැයේම සියලුම ජනමාධ්‍ය මිත්‍යාව වපුරනව

    ReplyDelete
  4. නාත දෙය්යෝ හීනෙන් ඩයග්නෝස් කරලා, කෙමිකල් ඇනලිසිස් කරලා , දොස්තරවරුන්ට බේත් රෙකමන්ඩ් කරන රටේ මැණික්වලින් චර්ම රෝග සුව කරන්න බැරිද?

    ReplyDelete