Sunday, May 28, 2017

චීත්ත ළඟදි තැන අමතක වෙන උන්ට

එකොමත් එක රටේ හැම ගමකම පාරවල් වල බල්ලො ඉන්නවනේ. අපි පොඩි කාලේ නම් බලු වෑන් කියල ජාතියක් තිබුණ ,දැන් ඉන්න උන් අහල නෑ හරිය. සාමාන්‍යයෙන් ඔය බල්ලො ඉන්නෙ ගැන්සි පිටින්.උන්ගෙ ඒරියල් එකට වෙන බල්ලෙක්ට කියා පදුරු බල්ලෙක්ටවත් එන්ඩ දෙන්නේ නෑ. ඔන්න ඔහොම ඉන්න බල්ලො අතරට බැල්ලියෙක් අාවා කියමුකො.අන්න එතකොට තමයි බල්ලගෙ බලුකම මතු වෙන්නෙ. උදේ ඉඳන් රෑ එළි වෙනකල් එකට ඉන්න යාළු බල්ලට ගොරවනවා. මොකටද?
බැල්ලි ඉස්සරහ ලකුණු දා ගන්ඩ.

  දැන් අපි එමුකො මිනිස් ලෝකේට.උදේ ඉඳන් රස්තියාදු ගහන, එක සිගරට් එක දෙකට කඩන් බොන,එකටඉස්කෝලෙ කට් කරන,එක කෑම එක බෙදන් කන කොල්ලො සෙට් එකක් ලඟින්  යනවා චීත්තයක්.ඔන්න කොල්ලනගෙත් බලුකම මතු වෙන වෙලාව.ටක් ගාලා ලඟ ඉන්න එකාව බයිට් කරනවා. ඌව නෝන්ඩි කරල පාගලා දානවා. මොකටද?
චීත්තයක් ඉස්සරහ ලකුණු දා ගන්ඩ

(මේ කතාව Rahal Alwis හාදයාට නම් අදාලම නෑ හොඳේ.නම ඇහුවෙත් එදාමයි උනාට.පු⁣තී උඹටත් උනේ ඕකමයි.අනෙක subject එක දැනගෙන වෙලට බැහැපන්..ගෑණු පරානයක් ළඟ හිටියට ඉන්න කරන වැඩේ හරියට කරපන්.)

No comments:

Post a Comment