Wednesday, June 13, 2018

හාමුදුරු සීට් එක

⁣කොළඹ - බිබිල බස් එකකට මඟින් ගොඩවුනු හාමුදුරුවරු තුන් දෙනෙක්ට අසුන නොදීම සම්බන්ධයෙන් පුවතක් දිවයිනේ පළවෙලා තිබුණා. කොහොමත් දිවයින ආසයි ඒ වගේ නිව්ස් වලට.එයාලගේ choice එක ඒක.

     ඇත්තටම මේ ආසන ගැටලු එන්නේ  ⁣දිර්ඝ ගමානාන්ත ⁣වල යන මඟින්ට. කෙටි ගමන් වල නම් මිනිස්සු ආසනයක් දෙන එක ගැන වැඩිය හිතන්නේ නෑ. දීර්ඝ ගමනක යන කවුරුත් තමන්ගේ ආසනය ගමන පටන් ගෙන ටික වෙලාවකින් දෙන්න කොහොමත් කැමත්තක් නෑනේ. අනිත් අය නම් කොහෙමද දන්නෙ නෑ. මම නම් කැමති නෑ. මේ ලියන්න හදන්නේ සිදුවීම් දෙකක්.

සිදුවීම 01.

  මේක වුනේ මීට අවුරුදු දෙකකට විතර කලින්. ඒ වෙද්දි මම හම්බන්තොට පැත්තේ ව්‍යාපෘතියක. මගේ route එක වෙන්නෙ හැම ඉරිදම හවස 6.30 ට පිටකොටුවෙන් කතරගම යන Highway bus එක. ඉරිදට ඔය බස් එකේ යන එක ටිකක් අමාරු වැඩක්. ගොඩක් මිනිස්සු කලින්ම ආසන වෙන්කරනවා. සාමාන්‍යයෙන් මම හවස 6 ට විතර බස් එකට නැග්ගම ආසන දෙක තුනයි ඉතිරි. අනෙක් ආසනවල මිනිස්සු නැත්නම් වෙන් කරලා. ඉතින් එහෙම ඉරිදා දවසක බස් එක පිටත් වෙන්න විනාඩි දෙක තුනකට කලින් හාමුදුරුවෝ කෙනෙක් බස් එකට ගොඩ වුනා. හාමුදුරු අසුනේ අසුන් ගත් මනුස්සයා එතනින් අයින් වෙන්න කැමති වුනේ නෑ. මොකද යන්න වෙන ආසනයකුත් නෑ. එහෙනම් ඒ මනුස්සයා highway ගමන අමතක කරලා සුපුරුදු ගාලු පාරෙන් ගමන යන්න ඕනේ. ප්‍රශ්න ගොඩක්. හොඳ වෙලාවට අසුන දෙන්න ප්‍රතික්ෂේප කරපු මනුස්සයා සිංහල එකෙක්. බැරිවෙලාවත් හම්බන්තොට පැත්තෙ ඉන්න මුස්ලිම් මනුස්සයෙක් එහෙම එතන හිටියානම් ඔය ප්‍රශ්නෙ දිග හැරෙන්නේ වෙනත්ම කෝණයකට. මට ඒ වෙලාවේ ආවේ මෙහෙම ප්‍රශ්නයක්. එච්චර දුර ගමනක් යද්දි ඇයි හාමුදුරුවන්ට බැරි ටිකක් කලින් ඇවිල්ලා ආසනය අයිති කර ගන්න. අවසාන මොහොතේ බස් එකට නැඟලා highway බස් එකක වගේ සීමිත ගණනකට යන්න පුලුවන් තැනක තවත් මනුස්සයෙක් අමාරුවේ දාන්නේ ඇයි? අනෙක් මඟින් වගේ කලින් ආසන වෙන් නොකරන්නේ ඇයි. ?

සිදුවීම 2.

  මේ සිදුවීම වුනෙත් මීට අවුරුද්දකට විතර කලින්. හදිසියේම දවසක් මටයි බිරිඳටයි ගෙදර එන්න වුනා. කොළඹ - මහියංගනය බස් රථයට ගොඩවෙද්දිත් රෑ 11.30ට විතර. අපි දෙන්නටම එකතැන වාඩිවෙන්න නම් ඉතිරි වෙලා තිබුණේ හාමුදුරු සීට් එක විතරයි. එච්චර රෑක සාමාන්‍යයෙන් හාමුදුරුවරු යන්නෙ නැතිවෙයි කියල වාඩි වුනා කියමුකො. බස් එක යන්න ටිකකට කලින් තරුණ හාමුදුරුවෝ කෙනෙක් බස් එකකට නැග්ගා. වැඩ කරලා මහන්සි වෙලා රෑ 12ට බස් එකට නැග්ගම ඉඳගෙන ඉන්න සීට් එක දෙන්න වුනාම දැනෙන හැඟීම කියන්න වෙන්නෙ මෙන්න මෙහෙම, " මොන **********"? එහෙම situation එකක්.  බස් එකට ගොඩ වෙද්දිම  තරුණ යුවලක් හාමුදුරු අසුනේ වාඩි වෙලා ඉන්නවා දැකපු ඒ හාමුදුරුවෝ කිසිම කතාවක් නැතිව අපට විරුද්ධ අසුනේ වාඩිවුනා. වචනයක්වත් කතා නොකරපු , නොහඳුනන ඒ හාමුදුරුවෝ ගැන මගේ හිතේ ලොකු පැහැදීමක් ඇති වුනා. අවස්ථාව තේරුම් ගැනීමට තරම් ඔලුවක් සහ නිහතමානීකමක් ඒ නොදන්න හාමුදුරුවන් ගාව තිබුණා.

ප.ලි.

  තවත් දිනෙක මම අැඹිලිපිටිය - කොළඹ බසයක ගමන් කරනවා.බස් රථය අවිස්සාවේල්ල කිට්ටු කරලා තේ බොන්න නතර කරාම තුන්දෙනෙක් වාඩි වෙන්න පුලුවන් හාමුදුරු ආසනෙන්  දෙන්නෙක් තේ බොන්න බැහැලා ගියා. තරුණ හාමුදුරු කෙනෙක් ජනේලය ළඟ ඉතුරු වෙද්දි ඒ වෙනකල් හිටගෙන  හිටපු තරුණ ගැහැනු ළමයෙක් බසය නතර කරන් හිටපු වෙලාව තුළ වාඩිවෙලා හිටියා. ඊට විරුද්ධ පැත්තේ වාඩිවෙලා හිටියේ භික්ෂුනී කෙනෙක්.ඈ අර තරුණියට බනින්නට වුනා . හැබැයි අර හාමුදුරුවෝ නම්  ජනේලයෙන් එළිය බලන් හිටියා මිසක් හැරිලවත් බැලුවේ නෑ. තරුණිය නැගිටුනෙත් නෑ. ' ඔයාගේ සහෝදරයෙක් වුනත් මහණ වුනාට පස්සෙ ඔයාට අයිති නෑ' අර භික්ෂුනීය තරුණියට බණ කියනවා . ඇය කණකට ගත්තෙ නෑ. ඇගේ පාඩුවේ ආසනයේ වාඩ්වෙලා හිටියා ආසනයේ හිටපු අය නැවත එනකල් . හාමුදුරුවන්ට ඒක ප්‍රශ්නයක් වුනෙත් නෑ. හැබැයි වටේ හිටපු අනෙක් ගැහැනුන්ට නම් ලොකු ප්‍රශ්නයක් වුනා.

4 comments:

  1. ඒ දෙවැනි හාමුදුරුවෝ කියන්නේ මහා උතුම් මුනිවරයෙක්. මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙකුන් වෙන්නට පුළුවන්.

    ReplyDelete
  2. Hamuduruwaruth Manushyayoya (I think so)

    ReplyDelete
  3. ෙම් කියවීමට මාත් කැමතියි. සියල්ලන් ගැන ෙපාදුෙව්ත් පීඩාවට ලත් වන අය ගැන වැඩි අවධානයකින් බලා කුියා කරන ඒකත් භික්ෂුවෙග් යුතුකමක්. ඒ්ත් භික්ෂුවත් අසරණයි. 1. සීට් නැත්නම් හිටෙගන යන්න පුලුවන් භික්ෂූන්ට සංස්කෘතිෙයන් ඉඩක් ලැෙබන්න ඔ්නි. 2. තමන්ට තිෙයන පුංචි ෙහා් වාහනයක් පදවන්න රියදුරු බලපතුය ඔවුට ෙදන්න ඔ්නි. ෙම් ෙදකම ෙනාදී සීට් ඒක නීතෙයනුත් දීල තිෙයද්දි ෙනාෙදන ඒක පුාෙයා්ගිකව කාෙගත් හිත් ටික ෙවලාවකට හරි රිදවන ඒකක්.

    ReplyDelete