Friday, November 9, 2018

පිස්සන්ට කලින් දොස්තර කලබල වීම





මහා බ්‍රිතාන්‍යයේ පළවෙනි ජෝරජ් රජ්ජුරුවෝ ඉංග්‍රීසි දන්නෙ නෑ කියනවනේ. හේතුව ඔහු ජර්මන් වංශයකින් පැවතෙන්නෙක් වීම. ඉංග්‍රීසි දන්නෙ නැති වුනත් බ්‍රිතාන්‍යයේ රජ්ජුරුවෝ . පළවෙනි ජෝරජ්ගේ ඉංග්‍රීසි නොදන්නාකම හේතුවෙන් ඊළඟට වෙන දේ තමයි මනුස්සයා කැබිනට් එකට යන්නෙ නැතිවීම.  ගියත් යන්නෙ කලාතුරකින්. මේ හින්දම ජෝරජ් රජ්ජුරුවෝ වෙනුවෙන් කැබිනට් එකේ වැඩකටයුතු බලාගන්න වෙන්නේ  වොල්පෝල් කියල කෙනෙක්. මේ   වොල්පෝල් ගේ බලය ටිකෙන් ටික වැඩිවෙලා තමයි පසුකාලීනව 'අගමැති' කියන තනතුර බිහිවෙන්නේ. ⁣කෙටියෙන් ගත්තොත් ලෝකේට අගමැති කියන තනතුරක් බිහිවෙන්නේ පළවෙනි ජෝරජ් රජුජුරුවන්ගේ ඉංග්‍රීසි නොදන්නාකම.


  ඊට සියවස් තුනහමාරකට විතර පස්සෙ ලංකාවේ අගමැති ⁣කෙනෙක් බිහිවෙනවා.ඔහු ඉංග්‍රීසි ත් දන්නවා සිංහලත් දන්නවා . හැබැයි ඔහුටත්  කැබිනට් රැස්වීමක් මෙහෙයවන්න , අගමැති විදියට පාර්ලිමේන්තුව   අැමතීමට විතරක් නොවෙයි පාර්ලිමේන්තු පරිශ්‍රය ට අඩිය තියන්නවත් ඉඩක් හිමිවෙන්නේ නෑ.  හේතුව තමයි ලංකාවේ පාලනය කරන්නේ තීන්දු තීරණ ගන්නේ පිස්සො ටිකක් වීම සහ බහුතරයක් නැති වෙලාවක්  මේ විකාර සහගත අගමැතිකම පැනලා ගන්න තරම් අහේනියක් තියෙන එකෙක් සිටීම . මේක මොනතරම් ආතල්ලන්තයක්ද කිව්වොත්  රෑ හතට තමන්ගේ ඉස්සරහ ඇමතිවරු දිවුරුම් දෙන ජනාධිපති උත්මාණන් ඒ ඇඳුම පිටින්ම රෑ නවයට පාර්ලිමේන්තුව විසුරුවනවා. ඉතින් මේක අාතල් ඩිස්නිලන්තයක් නොවෙයිද. මෑතකදි  ලංකාව ගැන හරිම විග්‍රහයක් කරේ ජගත් මනුවර්ණ. උෟ කිව්ව හරි. මේක ඩිස්නිලන්තයක් . මහා උන් ට හිතෙන හිතෙන දේවල් උන් කියනවා උන් කරනවා.මෙහෙම රටකට warn කරන බටහිර රටවල් ඉන්නවානම් උන්ටත් පිස්සු . උන් හරිනම් කරන්න ඕනේ මෙච්චරයි . පුලුවන් තරම් ලංකාවට අාතල්ලන්තයක් හැටියටම develop වෙන්න ඉඩ දෙන්න ඕ⁣නේ. එතකොට උන්ටත් පුලුවන් පොඩි මොංගල් ගතියක් දැනුණ දවසක ටිකට් එකක් අරන් ප්ලේන් එකෙන් ඇවිත් පොඩි ආතල් එකක් අරන් අපි ඉන්නෙ සැපේ කියල බලල යන්න.

2 comments: