Saturday, May 9, 2020

අබ්බගාත පිළිම වලට ටටා බායි

හැදෙන කොලුවටත් ආගමික කාලේ තිබුණ ලොකුම ප්‍රශ්නයක් තමයි ගෙදර තියෙන ඔළු බෙලි කැඩුන බුදු දේව පිළිම වලට මොනවද කරන්නේ කියන එක. මට විතරක් නෙවෙයි ආගමික ගොඩක් අයට (පිළිම අදහන) තියෙන ප්‍රශ්නයක්.කුඩු කරල දාන්නත් මොකක්දෝ වගේ. බයත් තියෙනවා අපායේ යයි දෙයියෝ කෝප වෙයි වගේ,කුඩු කරල දාන්න බැරි තරමට ශ්‍රද්ධා සීන් එකකුත් තියෙනවා.⁣




    හැබැයි අපිට නම් පස්සෙ කාලේක soluition එකක් ලැබුණා.ඒ තමයි පාරේ අයිනෙ තිබුණ කාක බෝ ගහක්..මුලින්ම කවුරුහරි පින්වතෙක් පිළිම කොටස් ගෙනත් දාලා start එක අරන් දීලා තිබුණා.අපිත් දෙවනුව වැඩේට සෙට් වුනා. පිළිමයක් වුනත් දැන ගන්න ඕනේ එයාලගේ වටිනාකම තියෙන්නේ අංගවිකල නොවී තියෙනකල් විතරයි කියන එක.කො⁣හොම හරි කාක බෝ ගහට පුලුවන් වුනා දැවෙන ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න. එන්න එන්නම බෝ ගහ වටේට කැඩුණු බුදුපිළිමයි දෙවි පිළිමයි පැටව් ගහල තිබුණා.

  ඔන්න දැන් සාදුලා සෙට් එකක් අලුතෙන් වැඩක් පටන් අරන් ආබාධිත පිළිම වලට ගෞරවනීය මරණයක් දෙන්න. පේන හැටියට ඒකත් ලොකු marketing event එකක් කරන්  වගේ. මිනිස්සුත් ඔය ව⁣ගේ ඒවාට කැමති . උන්ට වදයක් වෙච්ච අබ්බගාත පිළිම වලින් ගැලවෙන්නත් චාන්ස් එකත් එන හින්දා.කොහොමහරි ඔය වැඩේ ඉස්සරහට හොඳට නැඟල යයි. ඔය අස්සෙ ආදාහනයෙන් පස්සෙ සමහර පිළිම එර්දි වෙලා වගේ කතන්දර එහෙමත් ඉස්සරහට එයි.අාගමික වැඩ ඉස්සරහට යන්න එ් වගේ කතන්දර හරිම වැදගත්. පිස්සො මොන පිස්සුව නැටුවම අපට මොකද.එයාලගේ සල්ලි එයාලගේ ආබාධිත පිළිම එයාලගෙම කාලය. මට කරන්න පුලුවන් එකම දේ ඕකට තව අයිඩියා එකක් දෙන එක විතරයි. ඒ තමයි ඔය ආගමිකයන්ගෙ ගෙවල්වල පරණ බුදුසරණ පත්තරයි වෙසක් කාඩ් එහෙමත් ඔය විදියටම තියෙනවා.ඔය යක්කු බයටම ඕවා ගොඩ ගහගෙන ඉන්නේ. ඒ හින්දා මං යෝජනා කරන්නේ ඔය ගිනි මංගල්‍යයට ඔය රෑප පින්තූර එහෙමත් එකතු කර ගන්න කියන එක. එතකොට ආතල් එක සම්පූර්ණයි.
(කතෝලික අයටත් පුලුවන් එයාලගෙ ක්‍රමය⁣ට මේ වැඩසටහන ඉදිරියට අරන් යන්න.) 

3 comments:

  1. ආබාධිත වෙන තරමට පිළිමේ ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අැත්තටම.⁣ antique ගතියකුත් එනවනේ.

      Delete
  2. අලු නිදන් කරලා දාගැබ් හදනවද?

    ReplyDelete