A/L පස්සේ Engineering, NDT,
NDES, HNDE යන්න ඉන්න නංගිලා මල්ලිලාට විශේෂයි
පළමුව පසුගිය අගෝස්තුවේදි උසස් පෙළ විභාගයට
ඉදිරිපත් වූ සැමට ශුභ පතන්නෙමු.ඉතාමත් හොඳින් විභාගයට මුහුණ දුන් අය බොහෝවිට මේ නිවාඩුපාඩුවේ
කාලය සිටිනා සමයයි.අනෙකුන් දෙවන තුන්වර සඳහා පුනරීක්ෂණ පන්ති යන කාලයයි.අද ලිපිය උසස්
පෙළට ගණිත අංශයෙන් ඉදිරිපත් වූ අයට අදාළ වන අතර ඉංජිනේරු සිහිනය
සැබෑ කර ගැනීමේ මාර්ගය (බදු ගෙවන ජනතාව නිසා නොමිළේ) මෙහි අන්තර්ගත වේ.
ඔබ
ඉහළ z අගයක් සහිතව උ.පෙළ සමත් වුවහොත් ඔබට මොරටු, පේරාදෙණිය හෝ රුහුණු ඉංජිනේරු පීඨයකට
යෑම අසීරු නොවේ.මෙය අර්බුධයක් වන්නේ Science
Facalty, Applied Science හෝ ඒ හා සමාන ප්‍රතිඵල ලබන්නන්ටයි.NDT, NDES, HNDE වැනි Engineering Diploma වකට සම්බන්ධ
වීම හෝ නොවීම යන උඝතෝකෝටිකයකට හසු වන්නේ මෙම පිරිසයි. මගේ
පුද්ගලික මතය නම් Applied Science වැනි පීඨයකට සම්බන්ධ වීමට වඩා ඉංජිනේරු ඩිප්ලෝමාවකට
සම්බන්ධ වීමෙන් ආරථිකය අතින් මෙන්ම දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළඳ පොළේද ඔබට අතරමං
වීමට ඇති ඉඩ අල්පබවයි. හොඳ සමාජ පිළිගැනීමක්ද ඉංජිනේරු ක්ෂේත්‍රයේ
පවතින බව නොරහසකි. ජාතික විශ්ව විදය්‍යාලයකට ඇතුල් වීමේදි දිස්ත්‍රික්
කුසලතා මත සිදු වූවත් ඉහත ඉංජිනේරු ඩිප්ලෝමා සඳහා එය අදාළ නොවේ.මුලු රටම එකම ඒකකයක්
ලෙස සැළකේ.
NDT
(National Diploma In Technology)
මෙම
ඩිප්ලෝමාව මොරටුව විශ්ව විදය්‍යාල පරිශ්‍රයේ පැවැත්වෙන අතර පාඨමාලා කාලය වසර 03 කි.එයින්
වසර 2ක් ඇකඩමික් වන අතර වසරක පුහුණු කාලයක් ඇතුළත් වේ.ඉංග්‍රීසී මාධය්‍යෙන් අධය්‍යන
කටයුතු පැවැත්වෙන අතර පහත සඳහන් පාඨමාලා පැවැත්වේ.
Marine Engineering Technology
Nautical Studies & Technology
Chemical
Engineering Technology
Civil
Engineering Technology
Electrical
Engineering Technology
Electronics
& Telecommunication Engineering Technology
Mechanical
Engineering Technology
Polymer
Technology
Textile
& Clothing Technology
සම්බන්ධ
කරගැනීම සඳහා,
Institute Of
Technology
University
Of Moratuwa,
Katubadda,Moratuwa
T.P:+94112650301/534
NDES
(National Diploma In Engineering Sciences)
මෙම
ඩිප්ලෝමාව ඉංජිනේරු තාක්ෂණ ආයතනය මඟින් පවත්වන ලබන අතර එය කටුනායක පිහිටා තිබේ. පාඨමාලා
කාලය වසර 04 කි.එයින් වසර 2ක් ඇකඩමික් වන අතර වසර 2 ක පුහුණු කාලයක් ඇතුළත් වේ.ඉංග්‍රීසී
මාධය්‍යෙන් අධය්‍යන කටයුතු පැවැත්වෙන අතර පහත සඳහන් පාඨමාලා පැවැත්වේ.
Civil Engineering
Building
& Structural Engineering
Highway
&Railway Engineering
Water &
Environmental Engineering
Electrical Power Engineering
Electronics Engineering
Telecommunication
Engineering
Mechanical Engineering
Automotive Engineering
Marine Engineering
සම්බන්ධ
කරගැනීම සඳහා,
Institute of Engineering Technology
Temple Road,
Katunayake
T.P:0112252833
HNDE
(Higher National Diploma In Engineering)
මෙම
ඩිප්ලෝමාවඋසස් ඉංජිනේරු තාක්ෂණ ආයතනය මඟින් පවත්වන ලබන අතර එය මට්ටක්කුලිය සහ ලබූදූව
පිහිටා තිබේ. පාඨමාලා කාලය වසර 03 1/2කි.එයින් වසර 03ක් ඇකඩමික් වන අතර මාස 06 ක පුහුණු
කාලයක් ඇතුළත් වේ.ඉංග්‍රීසී මාධය්‍යෙන් අධය්‍යන කටයුතු පැවැත්වෙන අතර පහත සඳහන් පාඨමාලා
පැවැත්වේ
Electronics Engineering
Electrical Power Engineering
Civil Engineering
Structural Engineering
Irrigation Engineering
Mechanical Engineering
Production
Engineering
Air
conditioning & Refrigeration Engineering
Automobile
Engineering
සම්බන්ධ
කරගැනීම සඳහා,
HNDE
No: 42,
Rodrigo
Place,
Colombo
15 T.P:0112521152
ඉහත දැක්වෙන්නේ මෙරටදී නොමිළේම ඇතුළත්
විය හැකි ඉංජිනේරු ඩිප්ලෝමා වේ.මෙම ඩිප්ලෝමා 03ටම අයදුම්කරුවන් සඳහා තරඟ විභාගයකින්
අනතුරුව බඳවා ගනු ලැබේ.