ඔබේ ජංගම දුකේ බැටරි ඉනමනින් බහිනවද?
ෆෝන් එක රොටී කබල වගේ රත් වෙනවද?
දන්නෙම නැතිව credit අඩු වෙනවද
හොරාට Flasher on වෙනවද
අයියණ්ඩිය බිය නොවන්න
වෙලා තියෙන දේ මම පෙන්වන්නම්
ඔබේ ජංගම දුකේ
"අංජනම් දේවී mode" activate වී ඇත..........
Friday, March 31, 2017
අංජනම් දේවී Mode
Thursday, March 9, 2017
උපත් පාලනයෙයි වඳකිරීමෙයි වෙනස නොදන්න ජඩමාධ්‍යවේදියෝ
මේ අද දින නිකුත් වූ "අද" පුවත්පතේ ඇති ප්‍රවෘත්තියකි.
http://www.ada.lk/article/221191/උපත්-පාලන-තොරතුරු-හෙළිකල-මාධ්‍යවේදියා-පොලීසියට-කැඳවයි
කංවන ආරියදාස නැමැති ජඩමාධ්‍යවේදියා තැබූ සටහනකට අනුව පහුගිය දින කීපයේ රට ගිනි ගන්නට විය.දඹුල්ල රෝහලේ වෛද්‍යවරියක ප්‍රසූතිය නිමවූ මවුවරුන් බලෙන් වඳ කරනවා යනුවෙන් ඇතිවූ චෝදනාව පසුව සොයිසා රෝහලටද එල්ල විය. දුරදිග නොබලා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව පලවන මෙවැනි නිව්ස් පසුපස බොහෝදුරට ඇත්තේ ලංකාවෙ ප්‍රසිද්ධ ජනමාධ්‍යවල පවතින මාෆියාව සහ නිව්ස් නොමැති කමයි.
ඉහත ප්‍රදේශීය මාධ්‍යවේදීයා රෝහලෙන් නික්මුණු කාන්තාවක් කිහිපදෙනෙකුගෙ ප්‍රකාශ කිහිපයක් මත වෛද්‍යවරියකට බරපතල චෝදනාවක් එල්ල කර අතර එම ප්‍රවෘත්තියට අදාල වෛද්‍යවරියගේ ජාතියත් ඉස්මතු කරන ලදි. කෙනෙක්ව බලෙන වඳ කරනවා යන්න බරපතල චෝදනාවක් වන අතර එවැනි චෝදනාවකට ලක් වන්නා සුළු ජාතිකයෙක් වුවහොත් ඒ පසුපස කුමන්ත්‍රණ කතාවක් , සිංහල ජාතිය වඳ කිරීමක් වැනි කාරණා ඇසීම අනිවාර්ය අංගයකි. වෛද්‍ය දැනීමක් නොමැති කාන්තාවන් කිහිපදෙනෙකුගෙ ප්‍රකාශ කිහිපයක් මත චෝදනාවට ලක්වන වෛද්‍යවරිරියගෙන් හෝ අදාල රෝහලෙන් කිසිම ප්‍රකාශයක් ලබා නොගෙන එවැනි ප්‍රවෘත්තියක් පල කිරීම නොදන්නාකමක් නොව තක්කඩි කමක් වේ.එක නිව්ස් එකකට රුපියල් 2000-2500ක් ලැබෙන එවැනි මාධ්‍යවේදීයා කොහෙන් හෝ ඇසෙනා ඕපාදූපයක් අඩු වැඩිය එක්කර මාධ්‍ය ආයතනයකට ලබාදෙයි. එතැනින් එහාට වගකිවයුතු මාධ්‍ය ආයතන එම නිව්ස් එක තම පුවත්පතේ හෝ රාත්‍රි ප්‍රවෘත්ති විකාශයෙදි copy paste කරති.ඉතින් රටේ කොහේ හෝ තැනක රාත්‍රි අහසේ එළි දිස්වේ, අද්භූත දෑ සිදුවේ, එලොවින් ආ ජීවකයෝ බිහිවෙි.මේ එවැනි තක්කඩි මාධ්‍යවේදයේ සෘජු ප්‍රතිඵල වේ.
දැන් අදාල රෝහලේ වෛද්‍යවරුන් අධිකරණයේ පිහිට පතා ඇත. එවැනි දෙයකින් වත් අදාල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පියවි සිහියට පැමිණිය යුතුය .තම සගයෙකුට ප්‍රහාරයක් එල්ල වූ විට ඉදිරියට පැමිණෙන මාධ්‍යවේදීන් තම වෘත්තිය ගරුත්වය රැක ගැනීමට ඉදිරියට පැමිණිය යුතුය .තම වෘත්තිය ගරුත්වය කෙලෙසීමට ඉඩ නොදිය යුතුය .වෘත්තියේ නාමයෙන් බෝරු බේගල් වපුරන්නන් හට ඔවුන්ගෙන්ම හඬක් නැගිය යුතුය .
අවසාන වශයෙන් ප්‍රසූත දෙකක් අතර වසර දෙකක හෝ පරතරයක් තබා ගැනීමට (මවගේ සහ අනාගතයේ ඉපදීමට ඉන්නා පොඩි එකාගෙ සෞඛ්‍ය ගැන සිතා) උපදෙස් දෙන වෛද්‍යවරුන් කංවන ගෙන් උපදෙස් ගත යුතුය .මන්ද ලූපයෙන් වඳ වෙන විදිය දන්නෙ ඔහු පමණක්ම නිසාවෙන් .
ලෙලුම් Replace අපි
පහුගිය දවස් වල මෙගා හිට් එක තමයි රත්නායක & sons ෆැමිලි මැටර්ස් හෙවත් වික්ටර් රත්නායක දීග යෑම. කට්ටිය විවිධාකාර කතා කීවත් ඇත්තටම මෙතන තියෙන්නෙ සංස්කෘතික ප්‍රශ්නයක්. ඒ සංස්කෘතික ප්‍රශ්නෙ ඇවිල්ලා ලෙලුම්ගෙ බෙල්ලෙන්ම අල්ලලා හිරකරනවා. ලෙලුම්ගෙ බෙල්ලෙ හිරවීමෙ ප්‍රතිඵල තමයි ලෙලුම් ප්‍රසිද්ධ කරපු වීඩියෝව.
කෙනෙකුට තර්ක කරන්ඩ පුලුවන් ඕනෙනම් ලෙලුම්ට අවුල තියෙන්නේ දේපල ප්‍රශ්නයක් කියලා, නැත්නම් පුලුවන් කියන්න ලෙලුම් try
කරේ කපටි ස්ත්‍රීයක් ගෙන් තමන්ගේ පියාව බේරගන්න කියලා. මට හිතෙන්නේ නම් නෑ එහෙම නෙවේ, මේක අපි නඩත්තු කරන 'බොරු සංස්කෘතියෙ' අවුලක්. ඒක ලෙලුම්ට විතරක් නෙවෙයි ඒ රඟපු චරිත වලට තම තමං ආදේශ වුනානම් තේරේයි අපිත් ලෙලුම් කෙනෙක් වගේම වික්ටර් කෙනෙක් කියලා.
අපේ සංස්කෘතිය විසින් පොඩි කාලේ ඉඳන්ම අපේ ඔලුවලට මෙහෙම දෙයක් දානවා. අම්මයි තාත්තයි කියන්නෙ පට්ට වරිත දෙකක්. එයාලා අතින් වැරදි වෙන්න ඉඩ අඩුයි. අඩුම තරමේ අම්මයි තාත්තයි sex කරනවා , ඔවුන් දෙදෙනටත් පුද්ගලික ජීවිතයක් තියෙනවා කියල හිතන්න තරම් වත් බැරි තරම් අමුතු තැනකට සංස්කෘතිය විසින් අපව මෙහෙයවනවා.අපි කැමති දෙමව්පියන්ට අපිව සුරංගනාවියක් ගෙනල්ලා දුන්න කතාවට නැත්නම් රෝස කැලෙන් ගෙනාපු කතාවට.
සමාජෙ විසින් අම්මයි තාත්තයි ගැන හදල දෙන ඒ ෆැන්ටසි අම්මයි තාත්තයි එදා ඉඳලා අපෙ ඔලුවල හොල්මන් කරනවා. සමහරුන්ට ඔය ෆැන්ටසියෙ ඇතුලෙ ජීවත් වෙලා පාඩුවෙ මැරිලා යනවා. හැමෝම භාග්‍යවන්තයෝ නෙවෙයිනේ . සමහරුන්ට එකපාරටම ඇහෙනවා තමන්ගේ තාත්තා හරි අම්මා හරි වෙන සම්බන්ධයක් පටන් ගෙන වගේ දෙයක්. එදාට තමන් එච්චරකල් මවන් හිටපු සිහින ලෝක බිඳ වැටෙන්න පටන් ගන්නවා.එදාට තමන්ගේ ඔලු පිස්සු කෙලින්ඩ පටන් ගන්නවා. එ් පිස්සු කෙලීම ලෙලුම් නැමැති පුතා සමාජ මාධ්‍ය රජ කරන කාලෙක ජනසතු කරනවා. තව දුරටත් ඒක ලෙලුම්ගෙ ප්‍රශ්නයක් නෙවේ අපේ ප්‍රශ්නයක් වෙලා. ඒ වගේ දේකදි ඉස්සරවෙලාම කඩා වැටෙන්නෙ මහළු විකටර්ල නෙවේ තරුණ ලෙලුම් ලා.
අපේ ප්‍රශ්නේ මේකයි. අපි ආස නෑ අනෙක් මිනිසුන්ගේ පුද්ගලිකත්වය පිළිගන්ඩ. වැඩිමනත් එපා අපි හිතනවා අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් මෙහෙම ඉන්ඩ ඕනෙ කියලා. දියුණු බටහිර රටක නම් අම්මා හරි තාත්තා හරි නැවත විවාහ වෙනව නම් සමහර වෙලාවට ලමයි ඇවිල්ල උදව් කරනවා. මොකද අන්තිමට වටින්නේ මිනිහෙක්ගෙ සතුට නිසා. අපේ රටවලදි ඒක වෙනස් වෙනවා. අම්මව තාත්තව සමාජෙටත් කලින් ලමයි මඩ ගහනවා.හැබැයි වික්ටර්ල අපිට මෙහෙම පාඩමකුත් උගන්නනවා. අපිත් ටික ටික වෙනස් වෙන රටක් කියලා.ඉතින් ඉස්සරහට එහෙම දෙයක් ඇහුවම මිනිස්සු ඒ වගේ දේවල් ගණනකට නොගෙන ඉඳිවි. විවාහය කියන්නෙ sex විතරක් නෙවෙයි sharing & caring කියල දේකුත් තියෙනවා කියලා තේරැම් ගනීවි .
(අර කලින් කියපු භාග්‍යවන්තයෝ හිටියා නේද. උන්දැලා ටිකත් office train එකක වගේ අරන් ගියා නම් අර ෆැන්ටසිය කුඩු වෙන්න තිබ්බා)
Tuesday, March 7, 2017
බුදු රුව කියලා ෂුවර් ද?
දියුණු වෙන්ඩ හරි පාර
දියුණු වෙන්ඩ ආසද?
මෙන්න කෙටිම මඟ
අවශ්‍ය දෑ:
ෆේස් බුක් ගිණුමක් සහ ඩේටා ස්වල්පයක්
මුලින්ම සාදා ගත් බුකියෙන් ෆේස්බුුක් පිටුවක් සාදා ගන්න. එයට අවශ්‍ය පරිදි නමක් දා ගත හැකිය. "අපි යක්කු යකෝ", "මෝහිනී බලකාය", "අපේ රට බොලව්- හම ගහනවා අඩී" වැනි නමක් සෑහේ.
දැන් එම පිටුවෙන් මරක්කලයන්ට දෙමළුන්ට උදේ සිට රෑ වෙනකන් කෑමට පෙර වරක් සහ කෑමට පසු දෙවරක් ආකාරයට ලෙලි යන්ඩ බැනිය යුතුය. Post ෂෙයා කල යුතුය.ව්‍යාකරණ වැරදූනාට බිය නොවන්න. ඔබ share කරන ඕනෑම පෝස්ටුවක් වරු තුනෙන් viral කිරීමට තරම් හරක් පැටවු ප්‍රමාණයක් මේ දූපතේ පෙර පිනට ඉපදී sorry පහළ වී ඇති බැවින් worry වීම අනවශ්‍යයි.
දින දෙක තුනකින් ඔබට facebook request ගලා එනු ඇත. දැන් මීළඟ අදියරට සූදානම් විය යුතුය .දුෂ්කර පන්සලක දෙකක photos සොයා ගත යුතුය . ආධාර එකතු කිරීමේ මූලිකත්වය ඔබ ගත යුතුය . Post දෙක තුනක් දුරකතන අංකය සහ ගිණුම් අංකයද සහිතව share කරන්න . හාන්දුරු කෙනෙකුත් සෙට් වේ නම් ක්ෂණික ප්‍රතිඵල අත්වේ.ඔබ post කරන දේ දැක අතින් අරන් කක්කි පොජ්ජේ තියාගන්නා උන් මෙහේ මදිවට කොරියාවෙත් ඕනෑතරම් සිටිති. මුදල් ෂට ෂට ගා account එකට ගලනු ඇත.
ලැබුණු සියලුම මුදල් හොරා කෑමට හෝ අධාර දීමට තරම් රට හරකෙක් නොවන්න. සුළුවට ආධාර කරන්න. ලොකුවට photo අල්ලන්න. එවිට ඊළඟ project එකටත් මුදල් අනුමත වනු ඇත.මසකින් ඔබට කාර් පොඩ්ඩක් මිළදී ගතවනු හැක. Car එකේ යන ගමන් තම්බි කඩයක් දෙකක් video කර upload කිරීම අනාගත ආයෝජනයක් වනු ඇත.
සාර්ථකත්වය පසුව comment කරන්ඩ අෑ......
(නම් ගම් anonymous බැවින් ජායාරෑපයේ සිටින්නේ ඔබ විය හැක)