අද බිනර පොහෝ දිනයයි. බෞද්ධයන්ට මෙය වැදගත් වනුයේ අද වැනි දිනක භික්ෂුනී ශාසනය ආරම්භ වීමයි. මහා ප්රජාපතී ගෝතමියගේ දිගු කාලීන අරගලයක ප්‍රතිඵලයක් මත අවසානයේදි භික්ෂුනී සසුන ආරම්භ විය. එය ආරම්භයට පෙර
මහා ප්රජාපතී ගෝතමිය ඇතුළු පිරිසට අෂ්ටගරු ධර්ම අටක් පිළිගැනීමට සිදුවිය.
අෂ්ටගරු ධර්ම අට
1. උපසම්පදාවෙන් වසර සියයක් ගත වූ මෙහෙණියක විසින් වුවද එදින උපසපන් වූ භික්ෂූව දැක වැඳුම් හුනස්නෙන් නැගී සිටීම් ආදී ගෞරව කළ යුතුය.
2. භික්ෂුණිය භික්ෂූන් නැති පෙදෙසක වස් විසීම නොකළ යුතුය.
3. අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂූ සංඝයාගෙන් පොහොය විචාල යුතුය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලපොරොත්තු විය යුතු ය.
4. වස් විසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂූ භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතුය.
5. බර ඇවතකට පත් භික්ෂුණිය දෙසතියකට නො අඩු කාලයක් උභතො සංඝයා ඉදිරියෙහි වත් දෙපෝයක්. මානත් පුරා අබ්භාත විනය කර්මය සිදුකළ යුතුය.
6. උපසම්පදාව ලබනු කැමැති මෙහෙණිය දෑ අවුරුද්දක් ම අවශ්ය ප්රතිපත්ති සික්ඛ මානාවක වශයෙන් ප්රගුණ කොට උභතො සංඝයා ඉදිරියේ උපසම්පදාව ලබාගත යුතුයි.
7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණියක විසින් භික්ෂුවකට ආක්රෝෂ පරිභව නොකළ යුතු ය.
8. භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නො කළ යුතු අතර භික්ෂූන් විසින් දෙනු ලබන අවවාද පිළිගත යුතුයි.
මෙම කාරණා අට දිහා නැවත වතාවක් බැලුවහොත් පෙනී යන්නේ සාම්ප්‍රදායික බමුණන් ගැහැනුන් කෙරෙහි දැක්වූ පහත් ආකල්පය, බමුණු මත කෙරෙහි විශාල ප්‍රතිවිරෝධයක් දැක්වූ බුදුන්ට පවා අවසානයේ එහිම ගොදුරක් වූ බව නෙවේද. බලන්න එහි පළමු කරුණ දිහා,උපසම්පදාවෙන් වසර 100ක් ගතවූ භික්ෂුනීයක් වුව එදින උපසපන් වූ භික්ෂුවකට වැඳිය යුතුය.මෙසේ වැඳය යුත්තේ කිනම් කාරණයකයද. ඔවුන් ගැහැනුන් නිසා නොවෙද, අවසන් විග්‍රහයෙදි මොවුන් වැඳ ඇත්තේ පුරුෂ ලිංගයකට නොවේනම් වෙන කුමකටද.
දෙවෙනි කරුණ අවුලක් නැතැයි සිතමු. තෙවෙනි කරුණ බලමු. "අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂූ සංඝයාගෙන් පොහොය විචාල යුතුය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලපොරොත්තු විය යුතු ය."
ඇයි භික්ෂුනීන් හට අවවාද දීමට වැඩිහිටි භික්ෂුනීන් නැතිද, මේ පවසන්නේ භික්ෂුනීන් භික්ෂුන්ට සාපේක්ෂව මෝඩ බව නොවෙද
හත්වැනි සහ අටවැනි කාරණා බලමු.කවර කාරණයක් නිසා හෝ භික්ෂුනීයක් භික්ෂුවකට නොබැනිය යුතුය . හරි හෝ වැරදි හෝ වේවා වරදක් දුටුවිට පවා භික්ෂුවකගේ වැරද්දක් ඉවසිය යුතුය. නොදැක්කා සේ සිටිය යුතුය . භික්ෂුනීන් විසින් භික්ෂුන්ට අවවාද නොකළ යුතු අතර භික්ෂුන් දෙන අවවාද පිළිගත යුතුය.
සියලුම ආගම් කිසියම් හෝ ආකාරයකින් ගැහැනුන් හෙලා දකිති. ඉස්ලාමය ද ක්‍රිස්තියානිද හින්දු බෞද්ධ භේදයකින් තොරව මෙම කාරණයේදි පුරුෂ මූලික පුරුෂ ශාස්තෘන් ගැහැනු හෙලා දැක තිබේ. නමුත් ආගමික සමාජයෙන් අති බහුතරය ගැහැනුන් වේ. තමන් තලා පෙලා පහත් කරනා ආගම් තුලින්ම ගැහැනුන් විමුක්තිය සොයති.ආගම් කෙරෙහි ඉතා භක්තිමත් කොටස ගැහැනුන් වේ.
මහා ප්‍රජාපතිය අද වැනි දිනෙක දිනා ඇත්තේ යදමින් බැඳි ජයග්‍රහණයකි. ඉහත කාරණා මීට අවුරුදු දෙදහස් පන්සිය ගණනකට කලින් ඇතිවූ බව සත්‍යයක්. නමුත් අදටත් ගැහැනුන් ආගමෙන් බැට කති. ඊළඟ ආත්මයේ පිරිමින් වීමට පින් පුරති.තමාගේ ගැහැනු ආත්මය පව්කාරකමක ප්‍රතිඵලයක් සේ දකිති. ඒ ඔවුන්ගේ ආගමෙන් ඔවුන්ගේ ගැහැනු ජීවිතය පහත් කොට සළකන හෙයිනි. ගැහැනුන් පහත් කර සළකන ආගම් විසින්ම නැවත වාරයක් මවට සැළකීම ගැන කතා කරති. මාතෘත්වයට එන්නේ අර පව්කාර ගැහැණියම බව අමතක වෙති. දැන් නැවතත් මහා ප්‍රජාපතිලා අවශ්‍ය කාලයකි. ඒ පුරුෂ ලිංගයට වැඳ වැටීමට නොව අවබෝධය හෝ විමක්තිය ලබා ගැනීම උදෙසා කකුල් දෙක අතර ඇති අවයවය වැදගත් නොවන බව පැවසීමටය.
මම නම් දකින්නේ වෙනත් පැත්තක්. ස්ත්‍රිය තුල මානය වැඩීමට ඇති ඉඩකඩ ඉතාම වැඩියි. ඊට අමතරව භික්ෂුණි සාසනය ලබාදුන්නද එහි අනාගතය ගැන බුදුන් වහන්සේ දකින්නට ඇති. ඒ නිසා මේ සමහර කාරණා එකතු කරන්නට ඇත්තේ. විනය කියන්නේ පළමු හික්මීමයි. මම නම් මේවායේ අඩුවක් දැනෙන්නේ නැහැ. බුදුන් වහන්සේ රහත් භික්ෂුණියන් වහන්සේලා වර්ණනා කරපු බව නොරහසක්. එම වර්ණනා දෙස බැලුවාම ඔබ සිතන පරිදි බමුණු මතයක බුදුන් වහන්සේ උන් බවක් මට පෙනෙන්නේ නැහැ. සිංගාලොවාද සුත්‍රයේ පවා බිරිඳට ලැබිය යුතු සත්කාර ගැන කියවා බලන්න.
ReplyDeleteසිය ධර්මයට පුජ්‍ය කොටසක් ලෙස මුලින්ම ස්ත්‍රීන් ඇතුලත් කරගත්තේ බුදුන් වහන්සේ. ඒ නිසා එතන ලොකු සමාජ පෙරලියක්. නිකමට හිතන්න එහෙම පරිසරයකදී මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් අපේක්ෂාවෙන්ම ස්ත්‍රීන් මහන උනේ නැහැ කියන්න බැහැ නේද? එවන් පටු අරමුණු නැති අය පමණක් හිටියා කියලා සහතික වෙන්න බැහැනේ. ගැහැණු ළමයින් උපතේදීම මරණ තත්වකය මේ කාරනා එතරම්ම ලොකු දේවල් නොවේ. කකුල්දෙක මැද්දේ තියෙන යමකට එහා ගියපු තර්කයක් මෙහි තිබෙනවා.
මේ ලිපියෙ අන්තර්ගතය කතෘ අයිතිය රැකෙන විදියට තුලාවේ දැම්මට කමක් නැද්ද?
ReplyDelete