Wednesday, February 21, 2018

Office එකේදිම වශී ගුරුකමක් කරගමු

ඔබේ සිත ගන්නා යුවතිය ඔබ අසලමද? අහන්නට ගටක් නැද්ද? මෙන්න ක්‍රමය. On the spot හරි යෑම. හරි ගිය පසු නොගෙවන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :
   බිස්කට් පැකට් එකක් වුව ද සෑහේ.
   අයිසින් කේක් එකක් නම් ඉස්තරම්ය.

ක්‍රමය:
ඔබ සිත් ගත් යුවතිය වෙත දින දෙක තුනක් බැල්මට් එක දමන්න. ඇයට ඔබ මනාප බව අඟවන්න.ඊට පළමුව ඔබ වශී ගුරුකමක් කරන්නේ කෙල්ලෙක් ළඟට ගියවිට කකුල් දෙක වෙව්ලන නිසා බව මතක තබා ගන්න.
දැන් ඔබගේ මිතුරු සමාගමට ඇය හෝ ඇයගේ මිතුරු සමාගමට ඔබ ඈඳෙන්න. මිතුරන් එක්වූ වෙලාවක ගෙනා බිස්කට් පැකට්ටුව හෝ කේක්  එක සතුටින් ආහාරයට ගන්න.දැන් වශීයෙන් 50% ක් අවසන්ය. ඇයට පමණක් බිස්කට් හෝ කේක් එක සංග්‍රහයට එකතු කර ගත හැකි නම් ඉක්මන් ප්‍රතිඵල ලැබෙන බවත් සළකන්න.

දවසක් පමණ ඉවසන්න.

දවසකට පසු office එකේ හොඳ චීත්තයක් සමඟ වශී කවන ලද බිස්කට් එකක් අහවල් යුවතියට කවපු බවට පවසන්න.
දැන් ඔබේ වැඩ කොටස අහවරය.
හැරෙන තැපෑලෙන් ඇය විස්තරේ දැන ගනු ඇත. ඇයට ඔබ ගැන කැමැත්තක් තිබුණා හෝ නැතා ඇය ඔබ ගැන මින් පසු හොඳ හෝ නරකට interest වනු ඇත.
බැරි වීමකින් හෝ ඇය ගුරුකම්, දෙවියන්- භූතයන්, හදි හූනියම්  පිළිනොගන්නා යුවතියක් නම් වැඩේ සිදු නොවනු ඇත.( මෙහේ ඉන්න තරමක් සිටින්නේ කේප්ප වස්සන් හා වැස්සියන් බැවින් කණගාටුවට කාරණයක්  කිසිසේත්ම නැත, කිරිගහට කවකට්ටෙන් ඇන්නා සේ වැඩේ හරියනු ඇත)

ප.ලි

වශී ගුරුකම් පිටුපස ඇත්තේ මානසික මෙව්වා එකකි. කෙල්ලකගෙන්  සබඳතාවයක්  පිළිබඳව විමසීමට බය ඇති කොල්ලන්ට එමඟින් පොඩි මොරාල් එකක් සපයයි.ඔබට කිසිම දිනෙක වශීයකින් ඇන්ජලිනා ජොලී හෝ  දීපිකා පදුකෝන් වසඟයට ගත නොහැක. ඈත මෑත සිටිනා ලලනාවක් නම් සමහර විටෙක ok කරගත හැකිවනු ඇත. එය වන්නේ මෙසේය . ඔය වශී ගුරුකම් බොහෝමයකට අදාල ගැහැනියට හෝ පිරිමියාට එක්කෝ යම් කෑමක් දිය යුතුය, සමහර එවුන් ඇය හෝ ඔහු ගේ ඇදුමක නූලක්  හෝ කෙස් ගසක්ඉල්ලයි. ඉතින් ඔබ නොහදුනනා කෙනෙකුට කෑමක් දීමේ හැකියාව විරලය. අනිවාර්යයෙන්ම ඊට පෙර හඳුනාගෙන කතාබහ කර තිබිය යුතුයි ,ඇඳුමක නූලක් හෝ කෙස් ගසක් ගැනීමද එසේමය.එසේනම් ඔබ වශී ගුරුකම කරන්නේ දැනටමත් හඳුනන කතා බහක යෙදෙන කෙනෙක්ටය. ඉතින් අදාල ගුරුක⁣ම (බොරුව) කර පසු ඔබට දැන් හරි යන මොරාල් එක ලැබෙනු ඇත. මොරාල් පිට ගොනා සේ ගිහින් යාළු වීමට අසනු ඇත. දැනටමත් ඔබව යම් තරමකට හඳුනන ඇය/ඔහු එක්කො කැමති හෝ අකැමැති වනු ඇත .එහි අමුතුවෙන් ඇති හාස්කමක් නැත.50-50 චාන්ස් එකකි.ගියොත් වචනයකි ආවොත් කෑල්ලකි  කියන්නේ මේවාටය.ඔය වශී ගුරුකම් සැබෑ නම් දේවාල කපුවන් කල්ලු මලයාල ගුරුන් ලොන් හැලුනු ගෑණු සමඟ සිටින්නේ නැත.

ප.ප.ලි
ඔබගේ  බොස් කාන්තාවක් නම් ඇයට ඕවා කර ලැබෙන් ප්‍රතිඵල වලට වග කියනු නොලැබේ

2 comments:

  1. බ්ලොග් ලියන බකල් ටීත් තියන ලමයකුත් ඉන්න කෙනාට වශියක් කවලා සෙට්කරගන්න ක්‍රමයක් ඉක්මනට ලියහන්

    ReplyDelete
  2. //50-50 චාන්ස් එකකි//

    හරි ගියොත් ගුරාගේ ක්‍රෙඩිට් එකටය.
    වැරදුනොත් කිල්ලක් හෝ අපලයක් විය හැක. එසේ නැත්නම් මේ ගුරා හොරෙක්ය සාත්තරේ වැරැද්දක් නැත. අල්ලපු ගෙදර එකාගේ බාප්පාගේ නෑනා දන්න හරියටම හරියන ගුරෙක් සිටී.

    ReplyDelete