Thursday, June 22, 2017

බුදුදහමට අනුව මෙහෙම ගැබ් ගන්නවලු How to get pregnant according to Buddhism

01.ස්ත්‍රී පුරුෂයන් අතර පවත්නා ලෝකාස්වාද රතිය.  - එකඟයි

02.පුරුෂයන්ගේ ශරීර ස්පරෂය. - බස්වල යන වෘත්තිය ජැක්සන්ලගෙ පුත්තු හැම තැනම ඇති එහෙනම්. පොදු ස්ථානයක ඉන්ඩ වෙන්නෙ නෑ බවලත් උදවියට ඕන්. මෙතනදි නම් ඉස්ලාමයට ගොඩාක් සමීපයි.

03.පුරුෂයෙකුගේ ඇඟිල්ලකින් ස්ත්‍රීයකගේ නාභිය පිරිමැදීම.- 😀 මොකටද අයිසේ උඩ පැන පැන ඩිෂ්ඩි ඩිඩිං කරන්නේ. පොතක් පතක් කියවන ගමන් උනත් මේ වැඩේ කරන්ඩ පුලුවන් .

04.පුරුෂයෙකු දැකීමෙන් ඇතිවන රාගය.- මළ කෙලියයි. ගෑණුන්ට කසාද බඳිනකන් ගේ ඇතුලට වෙලා බත් තම්බ තම්බ තමයි ඉන්ඩ වෙන්නෙ . මේ විදියට බැලුවොත් නළු පැටව් ෂාරුක් පැටව් ෂිහාන් මිහිරංග පැටව් හැමතැනම

05.පුරුෂයෙකු පැළදි මල් සුවඳ ආදිය ආඝ්‍රාණය කිරීමෙන් ඇතිවන රාගය.- කොල්ලො මල් පළදිනවද අයිසේ මල් ගහනවා හැර. අවුලක් නෑ perfume කියල හිතමුකො.ඒත් අනේ මන්දා ඕයි.

06.පුරුෂයන් අනුභව කරන භෝජනාදී ඉතිරි දේ අනුභව කිරීමේ ආශාව. - හුටා. ඔය පෝසත් ගෙවල්වල නැතිඋනාට දුප්පත් ගෙවල් බොහෝමයක් අයියල මල්ලිල කාලා ඉතිරි කරන ඒවා අක්කල නංගිල විතරක් නෙවෙයි අම්මලත් කනවා. ආශාවෙන්  නෙවෙයි වෙන්න ඇති. හැබැයි මේවා religious bullshit.

07.පුරුෂයන් ඇඳි වස්ත්‍රාදිය පැළදීමේ ආශාව.- මේක නම් ටිකක් transgender පැත්තට බරයි. ඇඳුමක් ඇන්දා කියල බබාල හම්බවෙන්නෙ නෑනේ. ඇඳුම පුරා ශුක්‍රාණු ගෑවිල තිබුණත් පරිසර උෂ්ණත්වය යටතේ ශුක්‍රාණුවක ආයු කාලය හරිම කෙටියි.

08.මේඝ සෘතුවේ බලකාවන්සේ සෘතු භෙදානු රාගය.- මොකක්ද ඕයි මේ. අම්මපා තේරෙන් නෑ.

09.පුරුෂයන්ගේ මිහිරි ශබ්ද ඇසීමෙන් හටගන්නා රාගය. - පව් අයිසේ ජෝතිපාල.

මේ තියෙන්නේ 'බුද්ධ ඇදහිල්ල ' කියන පොතේ හැටියට ගැබ් ගන්නා ක්‍රම. හැමදාම වගේ දැන් ඕකටත් කියන්ඩ පුලුවන් මේ තියෙන්නෙ පොත ලියපු හාමුදුරුවන්ගේ අදහස් මිස ගෞතම බුදුන්ගේ නෙවෙයි කියලා. ඔව් හොඳ දේවල් ඔක්කොම බුදුන්ගේ අනෙක් ලොකු ටෝක්ස් දාලා ඇනගත් දේවල් සේරම වෙනින් හාමුදුරුවන්ලගේ.

7 comments:

  1. මේක ම සංස්කෘත ස්ලෝකයක්නේ... මේක බුද්ධ ධර්මයේ නැහැ... ඕකට තමයි කියන්නේ රට පටලව ගන්නවා කියල

    ReplyDelete
    Replies
    1. මේක තියෙන්නෙ පූජාවලිකෙ. මේක බුදුන් කියපු එකක්මද කියල නම් දන්නෙ නෑ. හැබැයි මේක සංස්කෘත නෙවෙයි, පාළි. http://www.buddhistculture.org/pujawaliya8.html

      Delete
    2. පූජාවලිය කියන්නේ ත්‍රිපිටකයට අයිති පොතක් නෙවෙයි. රට පටලවා ගන්නේ නැතිව ත්‍රිපිටකය කියවන්න.

      Delete
  2. Mona wihiluda ?? Bududahamai, Budda Adahillai Patalawa Ganna Epa !!

    ReplyDelete
  3. බුදු දහම තියෙන්නේ ත්‍රිපිටකයේ. එයින් පිට තියෙන දෙයක් බුදු දහම ලෙස සඳහන් කිරීම පටලවා ගැනීමක් මිසක් වෙනත් යමක් නෙවෙයි

    ReplyDelete
  4. අප්පටසිරි මින් මත්තෙ බැද්දවල් වලට චූ කරන එකත් නවත්තන්න වෙනව 🙂

    ReplyDelete
  5. විනය අටුවාවේ සදහන්.

    ReplyDelete