Saturday, May 12, 2018

පූජ්‍ය පූජක පක්ෂයට මෝල්ද?

උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමේ කව්දෝ හාමුදුරුවරු කෙනෙක් පිවිතුරුකම නැතිකරගනලුනේ. මං හිතන්නේ දානේ ගෙනාපු දායිකාවකට බලහත්කාරයෙන් ධාතූ පෙන්නන්ඩ ගිහින්. දැන් ඒ දායිකාව අසාධ්‍ය තත්වෙන් රෝහලක. ඉස්පිරිතාලගතවෙන්ඩ තරම් ශක්තිමත් ධාතූ පෙන්නිල්ලක් කිව්වම සෙල්ලමක්ද?  සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙතුන් වතාවක් ඔය වගේ පූජ්‍ය පූජක පක්ෂය සහභාගීත්වයෙන් වන අතවර කිරිලි අහන්ඩ ලැබෙන එක පුරුද්දක්. ඔය කියන පූජ්‍ය පූජකයෝ ඔය ස්ථාන වල ඉන්නෙත් ස්ත්‍රී සැප එපෝ කියාගෙනනේ. හැමදේම බැලන්ස් කරන් නිවාඩු පාඩුවේ දායිකාවකට කොටාගෙන ඉන්න ඈයෝත් ඉන්නවා. නිකමට හිතුනද මේ පූජ්‍ය පූජකයන්ට මෙච්චර මෝල්  ඇයි කියල. ඕකට මරු උත්තරයක් කොවුර් කියනවා. මනුස්සයා යෝජනා කරනවා පැවිද්දන්ට කතෝලික පියතුමනල අාදියගේ ඔය ලිංගික අශාවන් අැති කරන හෝමොන නිපදවන ග්‍රන්ති කප්පාදු කළ යුතුයි කියල. මානව හිමිකම් අනං මනං පැත්තෙන් බැලුවම නම් අවුල් තමයි. ඒත් සාමාන්‍ය මනුස්සයෙකුගේ ලිංගික අවශ්‍යතාවයි පැවිද්දෙකුගේ ලිංගික අවශ්‍යතාවයි බැලුවොත් පැවිද්දන්ගේ අවශ්‍යතාවය දරුණුයි. ඇයි කිව්වොත් උන්දැලා කන්නෙත් ඉතාම රසවත් පෝෂ්‍යදායි ආහර. දුප්පත්ම එකෙක් දානයක් හැටියට බතුයි සම්බෝලයක් දුන්නත් ඒකත් දෙන්නේ තමන්ගේ උපරිමයෙන්. පළතුරු ටික මුදවපු කිරි ටික යෝගට් ටික ගාණට ඇඟට වැටෙනවා. රටේ අනෙකුත් සාමාන්‍ය මනුස්සයෙකුට ඒ වගේ දේවල් දෛනිකව ගන්න තරම් ආර්ථික ශක්තියක් නෑනේ. ඊළඟට කාලා ඉවරවෙලා වැඩක් කරනවා කියලද. ඕහේ ගෙවෙන සෝමාරි ජීවිත. පන්සලක් පල්ලියක් අතුගාන එකවත් කරනවා කියලද. බස් එකක කෝච්චියක හිරවෙලා යනවා කියලද. පවුල් ප්‍රශ්න ළමයින්ගේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න කියලද. කිසිම බරක් නැති සැප ජීවිත. ඉතින් එහෙම සෝමාරි ශරීරවල ශක්තිය වැයවෙන්නේ නෑනේ.සාමාන්‍ය මිනිස්සු ඔෆිස් එකේ ප්‍රශ්නයි ආර්ථික ගැටලුයි සේරම එක්ක හවසට හිරවෙලා තැලිලා පොඩ්වෙලා ගෙදර ආවාම මොන sex ද? ඒකනේ කොවුර් මහත්තයා ⁣අර වගේ යෝජනාවක් කරන්නේ කප්පාදු කරමු කියල.  එක අතකට ඒකේ අවුලකුත් නෑ. එයාලා කම්සැප එපා කියල කියන එකේ අර කියපු ග්‍රන්ති ඉවත් කරන එක අතකට උදව්වක්නේ නේද.

  ඉතින් පන්සල් පල්ලි යද්දි පොඩ්ඩක් පරිස්සමෙන්. විශේෂයෙන්ම පොඩි ළමයි එහෙම යවද්දි. වැඩුණු  කාන්තාවන්ටත් බලහත්කාරකම් වෙනවා නම් පොඩි ඈයෝ මොනව දන්නවා කියලද.

5 comments:

  1. කවුද ඒ? කිසිම ආරංචියක් නැහැ.

    ReplyDelete
  2. මම කලිං ඉදංම කියන්නේ මහන වෙන හෝ වෙනත් ආගමක ඒ හා සමාන ධූරයකට පත් වන අයගේ කර ඇඹීම හෙවත් අහවල් එක ඉවත් කළ යුතුව ඇත.
    එතකොට දෙය්යනේ කියලා හිතේ එකක් නැතිව බනක් බාවනාවක් කරගෙන නිවන් දකින්න පුලුවන්

    ReplyDelete
  3. මම එනවා කර අඹන වැඩේ කරන්ඩ පඩි එපා

    ReplyDelete