Tuesday, January 12, 2016

ඩිල්ශාන්ගෙ කුණු-හරඹය

   




  ජීවි භාෂාවක කුණුහරුප තියෙනවාය.පාලි වල එව්වා නැතිය.ඒ කියන්නේ පාලි යනු මළ භාෂාවක්ය.කුණුහරුපත් ඕනෑවෙන වෙලාවන් තියෙනවාය.හොඳ වචන 1000කින් කළ නොහැක්ක එක කුණුහබ්බෙන් කළ හැකිය.එවිට කළ නොහැක්කක් නොමැතිය.
  ඒ හව් අස්සේ ඩිල්ශාන් ගොයියත් කුණුහබ්බ ඉගෙනගෙනය.මේ සතියේ hit එක ඩිල්ෂන්ය.ඩිල්ශාන් යනු සචින් වත් සන්ගාවත් මහානාමවත් මඩුගල්ලවත් නෙවේය.එහෙම විනයක් ඇත්නම් ඌ තාමත් ක්‍රිකට් ගසන්නේ නැතිය.සනත් අන්කල්ට වුනදේ ඩිල්ශාන් ගොයියටත් වෙනු ඇතිය.
ක්‍රිකටර්ස්ලා යනු නැෂොනල් අයිකොන්ය.උන් කන බොන එක විතරක් නොව මලපහ කිරිල්ල පවා පිලිවෙලකට කළ යුතුය,එහෙව් රටක ඩිල්ශාන් මීට වඩා සැලකිලිමත් විය යුතුය.ක්‍රිකටර්ස්ලා බේබද්දෙකු මෙන් හැසිරිය යුතු නැතිය.හැම බේබද්දාමත් එහෙම නැතිය.

 ඩිල්ශාන්ගෙන් ප්‍රශ්නයක් ඇසූ කොලුවාටද thank කළ යුතුය.ඌ එළ කොල්ලෙකිය. මෙහේ media කාරයොත් අහන් නැති දේ ඌ ඇසුවාය.
 කුණුහබ්බ හෙටත් පවතිනු ඇතිය,අපිත් කියනු ඇතිය.අපට කුණුහබ්බ වෙනස් කළ නොහැකිය, අපට වෙනස් විය හැකිය....

2 comments:

  1. ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්ය. එය කබ්බන් අතරට ගිය විට මෙහෙම වන්නේය. මහත්වරුන් අතරේ තිබූ දෙශපාලනය කබ්බන් අතරට යෑමෙන් වූවේද එයමය..

    ReplyDelete