Wednesday, June 28, 2017

හොල්මන් ඇත්තද දැකල නැද්ද ?

හොල්මන් කිව්වම ගොඩක් උන බයයිනෙ. ලොරි ටෝක් දාන සමහර හැඩි දැඩි පිරිමිත් රෑට එළියට යන්ඩ බයයි . ඕක තමයි තත්වේ.
01.ඇත්තටම හොල්මන් තියෙනවද?
සාමාන්‍යයෙන් අද කාලේ නම් හොල්මනක් දැකපු එකෙක් හොයන්ඩ පට්ට අමාරුයි. මම හිතන්නේ තාක්ෂණයේ දියුණුවත් එක්කම හොල්මනුත් ටිකක් පැනල ගිහිල්ල වගේ.
02.එතකොට පරණ මිනිස්සු හොල්මන් දැක්කෙ කොහෙමද ?
ඒකට තියෙන්නේ මේ වගේ පිලිතුරක්. සරලවම ජනාකීර්ණ ගතිය අඩුකමයි අද වගේ හැම එකා අතේම ටෝච් තියෙන ජංගම දුරකතනයක් නැතිකම.ගෙවල් තිබුණේ එකිනෙක්ට ගොඩක් ඈතින් . ඒ මදිවට ඔය පන්දමක් වගේ මොනවහරි අරන් යනව මිසක් electricity කොහොමත් නෑ. ඉතින් පොඩිකාලේ ඉඳල අහල තියෙන හොල්මන් කතා ඇත්තටම හිතේ හොල්මන් කරනවා අර වගේ රෑට එළි බැහැල යන අයට. එ්කයි කියන්නේ විදුලි බලය ව්‍යාප්ත වීමට ප්‍රතිලෝමව සමානුපාතිකයි හොල්මන් පෙනීම.

03.ඒ කියන්නෙ පොඩි කාලේ ළමයිට යක්කු  ගැන බය කරන එක හොඳ නැද්ද?
පැහැදිලිවම ඔව්. ගොඩක් දෙමව්පියෝ ඔය වැරැද්ද කරනවා, විශේෂයෙන්ම පොඩි ලමයින්ට බත් ටිකක් කවන්න වගේ අමාරුයි නේ. ඉතින් බය කරනවා 'බබා කෑවේ නැත්නම් බිල්ලා එයි' හරි මොකක් හරි දෙයක්. නැත්නම් කලුවරට බය කරනවා. ඒ කරන බය කිරිල්ල ගොඩක් වෙලාවට හේතුවක් වෙනවා පසු කාලීනව හොල්මන් අවතාර විශ්වාස කිරීමට, තව යල් පැනපු ආගමික අදහසුත් හේතුවක්.
04.ආගමික මතිමතාන්තර හින්දා හොල්මන් තියෙනවා කියලද කියන්නේ?
මෙහෙමයි ආගමික මතිමතාන්තරත් ඔය හොල්මන් වගේම පොඩි කාලේ ඔලුවලට දාන දෙයක්නේ. පොඩිකාලේ කියන්නේ අපට දේවල් හරියට තේරුම් ගන්ඩ බැරි කාලයක්. ඉතින් ඒ ඔලුවලට වැටෙන දේවල් බොහෝම භක්තිමත් විදියට නැත්නම් බය කරල තමයි දාන්නෙ. පොඩ් ලමයෙක් කවදාවත් අහන්නෑනේ සිදුහත් කුමාරයා ඉපදුණු ගමන් ඇවිද්දේ කතා කරේ කොහොමද .අඩිය තියන තැන්වල මල් පිපුනෙ කොහොමද කියල, ජේසු මැරුනු මිනිසුන්ට නැගිටුටුවේ කොහොමද වතුරේ ඇවිද්දේ කොහොමද කෑම මැව්වෙ කොහොමද කියල.එහෙම අහන්ඩ දැනුමක් නෑ.පස්සෙ වැඩිහියෙක් උනාම ප්‍රශ්න කරන්නෙත් නෑ ආගම්වලට තියෙන බය හින්දා.ඉතින් ආගමික පොත පත්වල තියෙන හැම මඟුලම පිලිගන්නවා දිව්‍ය වාක්‍ය වගේ. දැන් හැම ආගමකම පෙරේතයෝ භූතයෝ යක්කු ගැන අනංමනං තියෙනවනේ.
05.එතකොට හොල්මන් නෑ කියලද කියන්නෙ?
අනිවාර්යයෙන් නෑ. දැන් බලන්න හොල්මන් දකින අය හොල්මන් දකින්නේ තමන්ට හුරුපුරුදු ප්‍රදේශයකනේ. කොළඹ එකෙක් මාතරට ගිහින් බය වෙන්නෙ නෑනේ. බය වෙන්නෙ තමන් දන්න කියන ගම්පළාතේ හොල්මනකට, නැත්නම් අහල පහළ මැරුන කෙනෙක්ට හරි දන්න කියන කෙනෙක්ට. අනෙක් කාරණය හොල්මන් කියන්නේ ඔය විදියට පාරභෞතික දෙයක් නේ, හැබැයි හොල්මන් දකින අය හොල්මන් දකින්නේ හෙළුවෙන් නෙවෙයිනේ . ඇදුම් ඇඳත
ගත්ත හොල්මන්.ඇඳුම් කියන්නේ භෞතික දෙයක්.එතකොට හොල්මන් වලට කොහෙන්ද ඇඳුම් .හොල්මන් ලෝකේත් එහෙනම් ODELL, Fashionbug  එහෙමත් ඇති ඒ කියන විදියට.තව දවල්ට හොල්මන් නොපෙනුණත් අපට පේන්ඩ ඕනේනෙ එහෙනම් පාරේ යද්දි සරම්, ගවුම් ,නයිටි වගේ දේවල් නිකන් පාවි පාවි තියෙනවා. තවත් කතා කරොත් පුදමෙකට වගේ මෙහෙම හොල්මන් කරන්නෙත් මිනිස්සු මැරුනම විතරයි.කවදාවත් අහල තියෙනවද ගෙදර හුරතලේට ඇති කරපු බල්ලො පූසෝ හරි පන්සල් දේවාලවල ඉන්න අලි ඇත්තු එහෙම හොල්මන් කරනවා?
06.එතකොට පුවත්පත් වල මෙච්චර හොල්මන් කතා තියෙන්නේ කොහෙමද
ටිකක් නිවැරැදි වෙන්න ඕනේ. පුවත්පත් නෙවෙයි ඒවා සිංහල පුවත්පත් හැටියට වෙනස් වෙන්ඩ ඕනේ.ඇත්තටම එතන තියෙන්නේ දෙකයි පනහේ මාධ්‍ය කලාවක්, සිංහල ජනතාව ⁣මෝඩයෝ කරන අඳ බාලයෝ කරන පුවත්පත් මාෆියාවක්.පොඩ්ඩක් ඔය එදිනෙදා හම්බවෙන යාළුවෝ කීපදෙනෙක්ගෙන් අහන්ඩකෝ හොල්මනක් දැකල තියෙනවද කියලා. ඇත්තටම අපේ පරම්පරාවෙ උන් හොල්මන් දැකල තියෙන්නේ films වලිනුයි ඔය කියන විදියේ ඉරිදට එන ජාතික පුවත්පත් කියන කඩමළු වලිනුයි.හොල්මන් දැකපු එකෙක් හොයාගන්න අමාරු උනාට ඒ පත්තරවල තියෙන විදියට මේ දූපතේ ඉන්න තරමක් ඉන්ටන හොල්මන්. ඉරිදා ලංකාදීපේ හොල්මන් කතා තිබුනට sunday times එකේ නෑනේ, සිළුමිණේ තිබුණට ,observer එකේ නෑනේ.දිව⁣යිනේ තිබුනට island එකේ නෑනේ. ලක්බිමේ තිබුණට Lakbima news එකේ නෑනේ, රිවිරේ තිබුණට the nation එකේ නෑනේ, මව්බිම පත්තරේත් එහෙමයි.
ඔය හැම පුවත්පත් ආයතනයකම සිංහල පුවත්පත් වල විතරයි ඒ වගේ ගොන්පාට් තියෙන්නේ.ඒකේන්ම තේරෙන්න ඕනේ අපේ සිංහල මිනිස්සුන්ගෙ තියෙන මෝඩකම. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පත්තර කියවන්නේ උගත් සමාජයක් හන්දා ඒ සමාජ තීරුවට ඔය වගේ ගොන් පාට් market කරවන්ඩ බෑ. අපේ සිංහල මිනිහා හැමදාම ඔය කතා කියවල ඔලු මෝඩ අදහස්වලින් කුරුවල් වෙලා. ඇත්තටම ඔතන තියෙන්නෙ ඉල්ලුමට සැපයුම.සිංහල පත්තර ටින ඔය හොල්මන් කතා ටිකයි, ජ්‍යොතිෂය කා ටිකය්  නතර ක⁣රොත් හෙට ඉඳලා පත්තර විකිණෙන එක අඩු වෙනවා
07 අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නෙ ?
කසාද බැඳලා ඉන්න මිනිස්සුන්ට කියන්ඩ තියෙන්නේ මෙච්චරයි අපේ පරම්පරාවත් මේ වගේ මිත්‍යාවල් සමාජගත වෙන එක නතර කරමු. කවදාවත් ළමයින්ට පොඩිකාලේ ඔය වගේ මනස්ගාත ඔලුවලට දාන්න එපා. තරුණ උන්ට කියන්ඩ තියෙන්නේ මෙච්චරයි නිකන් ඉන්න වෙලාවට හොයාගෙන කියවපන් මේ පොත් දෙක,
කොවුර්ගේ
* මා කළ ගවේෂණ
*දෙවියො සහ භූතයෝ

1 comment:

  1. https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTTwou2XxLeUqiX-NcGmsIwziuc42fzJfhRK8m9Wl6HHTvTo58v

    ReplyDelete