Friday, June 30, 2017

දයාසිරි හරි ඕයි

   දයාසිරි උන්නැහේ සුසන්තිකා ඇන්ටි එක්ක හැප්පුණානේ. එතනදි ගොඩක් උන් ගත්තෙ දයාසිරි ගේ පැත්ත. හැබැයි ඒ දයාසිරිම ක්‍රිකටර්ස්ලට attack කරද්දි කවුරුත් ගත්තෙ නෑ දයාසිරිගෙ පැත්ත.අපි හැමෝම හිතුවෙ දයාසිරිය කට වාචාල කමට කියවනව කියල. ඊයේ cricket match එක සිම්බාබ්වේ අතින් කද්දි, සුපුරුදු විදියට catch miss වෙද්දිත් මට නම් හිතෙන්නෙ දයාසිරි හරි ඕයි කියල.

  දයාසිරි ක්‍රිකටර්ස්ලට fitness නෑ කිව්වම ,බඩවල් වැඩී  කිව්වම අපි හැමෝම ඇහුවේ 96 අර්ජුනල අරවින්දල world cup උස්සදිදි උන්ටත් තිබුණේ අර වගේ flat බඩවල්ද කියල.හැබැයි අපි හැමෝම අමතක කරා එහෙම players ල හිටියේ මීට අවුරුදු 20කට කලින් කියල.දැන් ක්රීඩාව ගොඩක් වෙනස්. ඉස්සර හිටියේ එක coach කෙනයි හැම මඟුලකටම.ඒකට දැන්. Fielding Coach වෙනම batting coach වෙනම bowling coach වෙනම fitness බලන උන් වෙනම. එහෙම කරලත් performance නැත්නම් fittness නැත්නම් කතා කරල වැඩක් නෑ. මේ ඊයේ පෙරේදා පාකිස්තාන cricket team එකෙ Umar Akmal පාකිස්තාන champions trophy team එකෙන් අයින් කරා fitness නෑ කියල.

ඇත්තටම ඇයි ලංකාවෙ ක්‍රිකටර්ස්ලට fitness නැත්තෙ. හරිම ලේසියි. කම්මැලිකම. පොඩ්ඩක් බැලුවොත් international cricket ගහන අනෙක් රටවල් එක්ක අපේ උන් පට්ට weak.Indian team එක ගත්තොත් යුවරාජ්, අශ්වින් වගේ හැරෙන්න අනෙක් උන් සාමාන්‍ය ප්‍රමාණෙ ඇඟක් තියෙන උන්. හැබැයි උන් strong. weak point එකක් නිසා team එකෙන් හැලුනොත් එතනට එන්ඩ ඕනතරම් players ලත් ඉන්නවා. ඒ හින්දද දන්නෑ උන් බොක්කෙන්ම සෙල්ලම් කරනවා.
  මොනව හරි ක්රීඩාවක් කරල ඒකෙන් ජීවත් වෙනවා කියන්නෙ හරිම සුන්දර දෙයක් නේ. තමන්ගෙ hobby එක රස්සාව උනාම කොහොමද. ඒක හරියට අපි විනෝදාංශයක් හැටියට පොතක් පත්තරයක් බ්ලොගක් කියෙව්වට ෆිලුමක් දෙකක් බැලුවට කවුරුහරි සල්ලි දෙනව වගේ වැඩක්. කවුරුත් එහෙම දෙන්නෙ නෑනේ. ඒ උනාට sports කරන උන් ඒ කරන දේ හරියට කරාම සල්ලි හම්බ වෙනවා, ප්‍රසිද්ධ වෙනවා, icon එකක් වෙනවා. එච්චර චාන්ස් වැදිලත් පොඩ්ඩක් තමන්ගේ fitness හදා ගන්ඩ බැරිනම් එහෙම ක්රීඩකයන් ගැන කතා කරල වැඉක් නෑ. ඔව් ඉස්සර  රටට ජයග්‍රහණ ගෙනත් දුන්න තමයි. ඒ ඉස්සර මේ දැන්. Fitness හදාගන්න කම්මැලිනම් sports කරන්ඩ එපා.
උඹලගෙ ගොන්පාට් හන්ද රටක් නෝන්ඩි වෙනවා.

1 comment:

  1. ලොකු පුටු වල ඉන්න අය අතරේ සිදුවන දේවල් අපි දන්නේ නැති නිසා දයාසිරි පැත්තකින් තියමු.

    කොහොමත් අපි වගේ රටවල් වල හැමෝගෙම ෆිට්නස් අඩුයි. ඒ ගැන කතා කරන්නත් කැමති නෑ. ලංකාවේ ගෑනු කට්ටිය ගනිමු. නිකන් පාරේ යන ගමන් වටපිට බැලුවොත්, ගොඩක් ලස්සන ගෑනු අයට උනත්, කොච්චර ලොකු බඩගෙඩි ද තියෙන්නේ? දුවන්න යන්න ඕන, නිකං කම්මැලිකමට වත්, මේ බැඩ්මින්ටන් ගහන්න ඕන කියල වත් හිතන්නේ නෑ නේ.

    ලංකාවේ පිරිමි අයත් එහෙම තමයි. ඒත් ගෑනු අය වගේ නෙවෙයි, පිරිමි කෙනෙකුට කවුරුහරි "හපෝ ඔයාගේ ෆිට්නස් මදි" කිවුවොත්, ඒක හිතට ටිකක් වදිනවා. මම හිතන්නේ දයාසිරි එක්ක කට්ටිය තරහ ගත්තේ ඒකයි. එහෙම තමයි පිරිමි අයගේ හැටි, ජීව විද්‍යාත්මකව ගත්තත් එයාල කැමති නෑ කවුරුවත් එයාලගේ ශක්තිය ට, හැකියාව ට, අභියෝග කරනවට.

    ගෑනු පිරිමි හැමෝම, වෙන කෙනෙක් ඇඟිල්ලෙන් ඇනල කියනකම් ඉන්නේ නැතුව තමන්ගේ පෙනුම හා ශක්තිය ගැන හිතනවා නම් අගෙයි.

    ReplyDelete