මම අවුරුදු තිහක කසාද බැඳපු මිනිහෙක්. තාම ඉන්නෙ මහගෙදර. සාපේක්ෂව හොඳ වැටුපක් තියෙන රැකියාවක් කරත් ගෙයක් - දොරක් සෑදීම කියන කාරණයෙදි තියෙන්නේ පටිට හිස් හැඟීමක්.ඒ තරම් ලොකු මුදලක් කොහෙන් හොයන්නද.?
මට මේ ෆොටෝ එකේ ගින්න දැක්කම හිතෙන්නෙ එක දෙයයි. ඒ මනුස්සයා ඒ නිවෙස වෙළදසැල හදන්න අවුරුදු කීයක් කට්ට කන්න ඇද්ද.අවුරුදු ගාණක මහන්සිය ජාතිවාදයේ රුදුරු ගිනි දැල්ලට අහුවෙලා අලු වෙන්න ගියේ මිනිත්තු කීයද.සමහරවිට ඒ වෙළදසැල අයිති මනුස්සයා අර කියන මිනී මැරුමට සම්බන්ධ කියන චූදිතයන්ව දැකලවත් නැතිව ඇති.ගින්නට පුලුවන් නම් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න, ඝාතන වලට පුලුවන් නම් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න ඕනවටත් වඩා ගිනි තියපු ඕනවටත් වඩා මිනිස්සු මරපු රටක් අපි. එක් මරණයකට පලිය ගන්න අලුත් මරණ 4ක් 5ක් කරපු රටක් අපි.කෝ අපේ ප්‍රශ්න විසඳුනාද?
මට මේ ෆොටෝ එකේ ඉන්න නාඳුනන මිනිසුන්ගෙන් අහන්නේ ප්‍රශ්න දෙක තුන.
1.කඩයක් ගිනිතියන්න තිබ්බ අර කොන්ද මූණ ඇරගෙන කරන්න තිබ්බෙ නැත්තෙ ඇයි?
2.මුලින්ම මරපු එකේ පළිය ගන්න මිනී මරණ තැනට වැඩ කරනවා නම් පළවෙනි මීනීමරුවගේයි උඹෙයි ඇති වෙනස මොකක්ද?
https://maathalan.blogspot.com/2018/03/swansong-of-sirisena.html?showComment=1520324277702#c7949856558160200230
ReplyDelete++++++++++++
ReplyDeleteමෙහෙම හිතන්න පුලුවන් මිනිස්සු ඉන්න හින්ද තමයි අපිට හෙට ගැනවත් බලාපොරොත්තුවක් තියෙන්නෙ.
ReplyDeleteඒ මැරැණ කෙනා තමන්ගේ කෙනෙක් නම් මේ විදියටම මේ ලිපිය මේ විදියටම ලියවෙයිද.
ReplyDelete