Sunday, March 3, 2019

ලාභ කිරිපිටි බොන හිඟන්නො

අපේ ගෙදරටත් අවුරුදු 20ක් 25 ක් දිගටම ගෙනාවේ Highland කිරිපිටි.
ඒ ගෙනාවෙත් අනෙක් කිරිපිටි වලට වඩා හයිලන්ඩ් මාර හොඳ නිසා නෙවෙයි වෙළඳපොළේ ලාභෙට ගන්න පුලුවන් කම තිබුණ කිරිපිටි වර්ගය හයිලන්ඩ් නිසා.
ඒ කාලේ අනෙක් කිරිපිටි ලස්සන ඇසුරුමක බැහැල වෙළඳ පොළ ආක්‍රමණය කරද්දි හයිලන්ඩ් වලට තිබුනේ හරිම දුප්පත් පොල්තීන් ඇසුරුම. ඝනකම් පොලිතීන් ඇසුරුමේ නිරුවත කඩදාසී පෙට්ටියෙන් වැහෙන තරමට Modify වෙන්නත් හයිලන්ඩ් වලට අවුරුදු වලින් බර ගාණක් ගියා.

කාලයක් තිබුණා අපි කඩයකට ගිහින් හයිලන්ඩ් පිටි තියෙනවද ඇහුවම අනෙක් පාරිභෝගිකයො අපි දිහා කිණ්ඩියට බලන.

"ලාභ කිරිපිටි  බොන හිඟන්නෝ...."

අනෙක් උන් බහුතරයක් හිතන්නෙ එහෙමයි.

"සල්ලිකාර ගෙවල් වල ඔය ලා⁣⁣භ කිරිපිටි දෙන්නෙ බල්⁣ලන්ටලු...."

ඇත්තද දන්නෙ නෑ.
බල්ලොනම් කවදාවත් එහෙම කියල තිබුණේ නෑ.
හැබැයි මිනිස්සු කියල තිබුණා.

දුප්පත් ගෙවල්වල බල්ලො කන්නෙ බොන්නෙත් මිනිස්සු  කන ඒවාමයි.
ආයේ අමුතුවෙන් උයන එකක්යැ.

ඒ කතාව මෙහෙම කියන්නත් ඔට්ටුයි

දුප්පත් ගෙවල්වල මිනිස්සු කන්නෙ   බොන්නෙත්   බල්ලො කන ඒවාමයි.

තර්කයක් හැටියට හරි ඉතින්....


.............................


දැන් ආයේම මිනිස්සු හයිලන්ඩ් පැල්වත්ත හොයනවා.
සුපර් මාකට් වල පිටරට කිරිපිටි වේලෙනවා.
ඇයි ඇහුවම පිටරට කිරිපිටි වල වස විෂලු.
ඇත්ත ද දන්නෙ නෑ.
එයාලා කියනවා අපි අහනවා.

ඉස්සර ලංකාවේ කිරිපිටි මාකට් එකේ රැඟුවේ NESPRAY.
දෙකට හිටියේ LAKSPRAY.
ඇන්කර් පොඩිහිට්යෙක්.

චර්නොබිල් බලා⁣ගාර කාන්දුවෙන් පස්සෙ  යුරෝපයෙන් එන කිරිපිටි වල විකිරණ තිබුණලු.
විකිරණ එක්ක ආපු යුරෝපයේ කිරිපිටි මාකට් එක වැටිලා.
සල්ලි දීලා කවුද Two in one විදියට කිරිත් එක්ක විකිරණ බොන්නේ.
NESPRAY මාකට් එකත් වැටුනා.

NESPRAY  වැටෙද්දි " නවසීලන්තයෙන් පමණයි"  පාඨය එක්ක ඇන්කර් කාරයා මාකට් එක අල්ල ගත්තා.

දැන් එයා⁣ගෙත් ඌරු තෙල් ලු. පාම් ඔයිල් ලූ.
ඇත්තද දන්කෙ නෑ. එයාලා කියනවා අපි අහනවා.

දැන් ඇන්කර් කාරයත් වැටෙන සයිස්.හයිලන්ඩ් ලට පැල්වත්තලට චාන්ස් එක.
දැන් එයාලටත් පුලුවන් "දේශීය එළදෙනුන්ගෙන් දොවාගත්ත කිරි වලින් නිෂ්පාදිතයි" වගේ ලයින් එකකට යන්න.

එහෙම කිව්වම අපි අහනවා.
අහගෙන ඉඳලා බොනවා.
එයාලත් අපිට වස පොවනකල්.....






4 comments:

  1. How do we know Palwatta and Highland is not mixing imported milk powder? There is no such thing as 'Only from New Zealand' milk powder comes from the cheapest market place. Fonterra is buying and mixing worldwide, just like Lipton tea. This is the reality of globalisation.

    ReplyDelete
  2. Wijebahu, How do you know that. Are you the person supplying all these milk powder or what?

    ReplyDelete