Wednesday, October 11, 2017

වඳ බෙහෙත්

මොනවද මේ වඳ බෙහෙත්?
  වචන⁣යේ අර්ථයෙන් ගත්තොත් කෙටියෙන්ම වඳ බෙහෙතක් කියන්නේ යම් ගැහැනියට හෝ පිරිමියෙකුට දරුවකු බිහි වීමේ හැකියාව නැති කරන යමක් වෙන්ඩ එපැයි. එතකොට උපත්පාලනයට අයිති වන මිතුරි පෙති, කොන්ඩම්, ලූප ආදිය මේකට අයිති වෙන්ඩ බෑ . මොකද වඳ කිරිමයි උපත් පාලනයයි කියන්නෙ දෙකක්. ඔය කියන ආකාරයට එකකදි සම්පූර්ණයෙන්ම සරැ බව නැති වෙනවා.
 
   මේ වඳ බෙහෙත් සම්බන්ධයෙන් වැදගත් පැහැදිලි කිරීමක් පහු ගිය රාවය පුවත්පතේ වෛද්‍යවරයෙක් විසින් කරල තිබුණා. එහි ජායාරූපයක් පහතින් ඇත.
උපුටා ගනිමි.

"කෙනෙක්ව වඳ කරන්න නම් ක්‍රම කිහිපයයි තියෙන්නේ. ලූප් එකක් දානවා කියන්නෙ එක ක්‍රමයක්. ඒකෙන් තාවකාලිකව වඳ කරනවා.එහෙම නැත්නම් සංසර්ගයේදි උපත් පාලන කොපුවක් පාවිච්චි කරන්න ඕනෑ. නැත්නම් උපත් පාලන පෙති බොන්න ඕනෑ. හැබැයි උපත් පාලන පෙත්තකින් තාවකාලිකව වඳ කරන්න විතරයි පුලුවන්. ඒවා ආහාර එක්ක මුසු කරන්න බෑ. දීර්ඝකාලීනව වඳ කරනවා නම් ගෑණු කෙනෙකුගේ ගර්භාෂය ඉවත් කරන්න ඕනෙ. ඒක එල්ආර්ටී කියලයි හඳුන්වන්නේ. ඒ හැරෙන්න බෙහෙත් ඇඟේ තවරලා, තවලා, කෑමවල මිශ්‍ර කරල , ඇඳුම්වල හෝ කොට්ටයට මොනවහරි තියලා කිසිකෙනෙක්ව වඳ කරන්න බෑ. එහෙම බෙහෙතක් එදිනෙදා පාවිච්චි කරන්න තබා ලෝකෙ කිසිම රටක විද්‍යාත්මකව හොයාගෙනවත් නෑ. කලින් භීතිකාවක් තිබුණ එච්අයිවී රෝගියෙක් අඹ කපද්දි අත කැපිල අඹ ගෙඩියට ලේ මිශ්‍ර වුනොත් අඹ කන කෙනාට එච්අයිවී බෝවෙයි කියලා. ඒ වගේම භීතිකාවක් තමයි මේක. මේක බොරු මිත්‍යා මතයක්."
- වෛද්‍ය දයානාත් රණතුංග -

  වෛද්‍යවරුන් මෙහෙම පැවසුවත් සමාජයේ නම් තියෙන්නේ මීට සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක්. වි⁣ශේෂයන්ම සමාජ මාධ්‍ය හරහා වඳ පෙති දැමූ ආහාර, ආපනශාලා පිළිබඳව මූලාශ්‍ර රහිත පුවත් විශාල වශයෙන් සැරිසරනය වෙනවා.මෙම මූලාශ්‍ර රහිත තොරතුරු බොහෝමයක් යම් ආගමික කොට්ඨාසයක් ඉලක්ක කරගෙන වෛරී සහගතව පැතිරවීම එකතරා ආකාරයට සමාජයට විශාල තර්ජනයක්. අප වැනි රටක සමාජ ජාල පරිහරණය කරන්නන් බොහොමයක් දෙනා කිසිදු වග විභාගයකින් තොරව දකින සියලුම දෑ විශ්වාස කිරීමත්  එවැනි පිරිස් යම් යම් කඩාකප්පල් කාරී ක්‍රියාවන් සඳහා ලෙහෙසියෙන්ම පෙළඹවීමට හැකිවීමත් මෙහි ඇති විශාලම තර්ජනයයි. අතීතයේ යුද්ධය පැවැති වකවානුවේදීද මෙවැනිම දූෂ්‍යමාන තොරතුරු දමිළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන්ද පැතිරුණා. ඒ සිංහල මව්වරුන් දරු ප්‍රසූතිය සඳහා දමිළ වෛද්‍යවරුන් වෙත ගියවිට ඔවුන්ට නැවත දරුඵල අහිමිවන පරිදි දමිළ වෛද්‍යවරුන් යම් යම් ක්‍රියා සිදු කරන බවයි. එවැනි පුවත්වලට එකල පියාපත් ලැබී තිබුණ අතර සමහර පුද්ගලයින් කිසිදු සෙවිල්ලක් බැලිල්ලකින් තොරවම එවන් පුවත් සත්‍ය බවට විශ්වාස කළ බවත් නොරහසක්.

මේ දිවයි⁣නේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වඳ බොහෙත් පිළිබඳව පහුගිය පුවත්පතකට දැක්වූ අදහසක්. උපුටම්
"කෙනෙකු වඳභාවයට පත්කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙ⁣තෙක් සොයාගෙන නෑ. ආහාරවලට දමා හෝ ඇඳුම්වල තවරා හෝ වඳභාවය ඇති කරන බව ප්‍රචාරය ගෙන යන්නේ ජාතිවාදි පදනමෙන්. එවැනි වඳභාවයන් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළ අවස්ථා අැත්තේ නෑ. ජනතාව මෙවැනි බොරු ප්‍රචාර වලට රැවටීමෙන් වැළකිය යුතුයි.
    ආහාරයට විවධදේ දැමීමෙන්, කිරි වර්ග පානයෙන් ජෙලි වර්ග භාවිතයෙන් හෝ රසායනික ද්‍රව්‍ය හරහා වඳභාවය ඇතිකළ නොහැකිය. වඳභාවයට හේතුව ජානමය තත්ත්වයකි. පිටතින් ශරීරයට ලබාදෙන ද්‍රව්‍යයන්ගෙන් වඳභාවය ඇතිවන්නේ නැහැ.

  උපත්පාලනය හා පවුල් සැලසුමත් වඳභාවයට හේතුවන කාරණා නොවෙයි.
   අද පවුල් සැලසුම් ක්‍රම බහුලව භාවිතා වෙනවා.තමන්ට කැමති ආකාරයට දරුවන් ලබා ගැනීමට මේ සැලසුම් ක්‍රම අවශ්‍යයි.ඊට රජයේ අනුමැතියද තියෙනවා. ලෝකයේ වසර 100ක පමණ සිට පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරනවා.
එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත්,යුනිසෙෆ් සංවිධානයත් ⁣මෙම සැලසුම් ක්‍රම ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ලොව සෑම රාජ්‍යක්ම ඒවා පිළිගෙන තියෙනවා.ස්ථීර හා තාවකාලික ලෙස පවුල් සැලසුම් ක්‍රම දෙකක් තිබෙනවා.
  පවුල් සැලසුමකට යන්නෙ අවශ්‍ය අයගේ අවශ්‍යතාවය මත පමණයි. වඳභාවය මා පවුල් සැලසුම් ක්‍රම අතර සබඳතාවයක් නැහැ. ජනගහන වර්ධනය පිළිබඳව ජාතිවාදි පදනමෙන් බලන සමහර පිරිස් වැරදිමත සමාජගත කරනවා. වඳභාවය හා ආහාර අතර හෝ ඇඳුම් පැළඳුම් අතර සබඳතාවයක් නැහැ.
ඒ වගේම වඳභාවය අැතිකරන්න පුලුවන් කිසිම බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ."
  - වෛද්‍ය ආරියසේන යූ ගමගේ-

  උපුටනය අවසන්. වෛද්‍යවරුන් කෙසේ කීවද ජාතිවාදි පිටු අටවන් සිටිනා මිනිසුන් කිහිපදෙනෙකු උග්‍ර ජාතිවාදි අදහස් වපුරති.ඔවුන් කියනා සියල්ල පිලිගන්නා අනුගාමිකයන් පිරිසක්ද බිහිවී ඇත. ඔවුන් ඒවා  ප්‍රශ්න කරන්නේ නැත. ගිරවුන් මෙන් ඇසෙන දේ  පවසති. සමහරවිට එවැනි මිනිසුන්ට යම් අනාගත අභිලාෂ ඇතිවා වන්නට පුලුවන.සමහරුන්ගේ වෘත්තිය ගමින් ගමට ගොස් වෛරී අදහස් වැපරීමයි. ඔවුන් සමාජය හරහා මිත්‍යාව වපුරවති. මිත්‍යාවෙන් භීතිකාවන් වපුරති. ජාතින් අතර සැකය ඇති කරති. මිනිසුන්  කොටවති. උෟරන් කැකුණ තලන විට හබන් කුකුළන් මඟුල් සමරති.

4 comments:

  1. හැදෙන කොලුවෝ, අහම්බෙන් උබේ බ්ලොගේට වැදුණේ.. පහුගිය ලිපිටික එක හුස්මට කියෙව්වා.. උබේ අදහස් මගේත් එක්ක මේ තරමටම සමපාත වෙන්න ඇය්ද දන්නේ නෑ... ඒත් උබ වගේම අපේ මේ විකාරරූපී සමාජය දකින තවත් එකම එක dial එකක් හරි ඉන්න බව කියන්නයි මේ ලියන්නෙ .. උබේ මේ ලියමන ඉහළින් අගය කරනගමන් හැමදාමත් එනවා උබ ලියනදේ බලන්න ... Keep up your good work, bro!!!

    ReplyDelete
  2. එතකොට...එතකොට.. එහෙම එකක් නෑැැ....

    ReplyDelete
  3. එතකොට...එතකොට.. එහෙම එකක් නෑැැ....

    ReplyDelete